ඇමෙරිකාව සමාජ-දුරස්ථ ක්‍රමවේදය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 31. 03. 2020 | 12.22pm
ඇමෙරිකාව සමාජ-දුරස්ථ ක්‍රමවේදය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කරයි

ඇමෙරිකාවේ සමාජ දුරස්ථ ක්‍රමවේදය පිළිබඳ ෆෙඩරල් මාර්ගෝපදේශ අප්‍රේල් 30 දක්වා දීර්ඝ කරන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

කොරෝනා වෛරසයෙන් එරට 100,000 ත් 200,000 ත් අතර පිරිසක් මිය යා හැකි බවට ඉහළ සෞඛ්‍ය නිලධාරියෙක් අනතුරු ඇඟවීමෙන් පසුව මෙම ප්‍රකාශය සිදු කෙරිණි.

ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වූ රට ඇමෙරිකාවයි.එරට ආසාදන සංඛ්‍යාව 160000කට ආසන්නය.

ට්‍රම්ප් කියා සිටියේ ඇමරිකානුවන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් PCR පරීක්ෂාවට ලක් කර ඇති බවයි.

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අප්‍රේල් මාසය තුළ අඛණ්ඩව සමාජ දුරස්ථ පියවර අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

"මෙම යුද්ධය ජය ගැනීම සඳහා අප සෑම කෙනෙකුටම කාර්යභාරයක් පැවරී තියෙනවා. සෑම පුරවැසියෙකුටම, පවුලකටම හා ව්‍යාපාරයකටම වෛරසය නැවැත්වීමේ මෙම වෙනස ඇති කළ හැකියි" යනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසීය.

"මෙය අපගේ දේශප්‍රේමී යුතුකමයි. ඉදිරි දින 30 සඳහා අභියෝගාත්මක කාලයක් වෙනු ඇති අතර මෙය ඉතා වැදගත් දින 30 ක්" ට්‍රම්ප් ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට පැවසීය.

අල්ජසීරා ඇසුරෙන් 

Cover Photo : Reuters 
Share