කොරෝනා යැයි සැකනම් ඇත්ත කියන්න ; නැත්නම් නඩු

Staff Writer | Author . Translate to English or தமிழ் 27. 03. 2020 | 8.43pm
කොරෝනා යැයි සැකනම් ඇත්ත කියන්න ; නැත්නම් නඩු

කො⁣රෝනා රෝගය වැළඳී ඇති බවට රෝග ලක්ෂණ තිබිය දී ඒ බව සඟවාගෙන සිටින පිරිසට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමර්ග ගන්නා බව පොලිසිය කියයි.

රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු මුණ ගැසීමට ගිය විට විදේශයක සිට පැමිණ ඇත්නම් ඒ බව හෝ වෙනත් ⁣කරුණත් ඇත්නම් ඒ බව වෛද්‍යවරුන් දැනුම්වත් කරන ලෙස සෞඛ්‍ය අංශ මේ වන විටත් ජනතාවට දැනුම් දී තිබේ.

එලෙස නොකර පසුව කොරෝනා බවට තහවුරු වුවහොත් ඔනුන්ට එරෙහිව නඩු පවරන බව පොලිසිය පවසයි. 

කොරෝනා ආසාධිතයින් තිදෙනකුට ඉදිරියේ දී නඩු පැවරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

ඊ⁣යේ (26) හඳුනා ගත් රෝගීන්ගෙන් දෙදෙනකු සහ රාගමදී හඳුනාගත් රෝගියා ඔවුන් බව පොලිසිය තහවුරු කරයි. 

කොරෝනා බවට සැක කරන රෝග ලක්ෂණ ඇත්නම් බිය නොවී වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

Share