බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා

Staff Writer | Author . Translate to English or தமிழ் 27. 03. 2020 | 4.59pm
බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාට කොරෝනා වෛරසය වැළදී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ජොන්සන් මහතාට සුළු රෝග ලක්ෂණ ඇති බවත් ඩව්නිං වීදියේ නිව⁣සේදී ස්වයං නිරෝධායනය වන බවත් පැවසේ.

එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය ක්‍රිස් විට්ටිගේ උපදෙස් මත ඔහු කොරෝනා වෛරසය සඳහා පරීක්ෂාවට ලක් කර ඇති බව නිවේදනයක දැක්වෙයි.

මෙම අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය තවමත් කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජොන්සන් මහතා මෙසේ පැවසීය: 

"පසුගිය පැය 24 තුළ යම් රෝග ලක්ෂණ මා තුළ වර්ධනය වී තිබෙනවා.මා කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බවට පරීක්‍ෂාවෙන් තහවුරු වුණා. මම දැන් ස්වයං නිරෝධායනය වී සිටිනවා.නමුත් මෙම වෛරසයට එරෙහිව සටන් කරන විට වීඩියෝ තාක්ෂණය හරහා හෝ රජයේ ප්‍රතිචාරය ඉදිරියට ගෙන යනවා.අපි එක්ව මෙය පරාජය කරමු."

එක්සත් රාජධානියේ කොරෝනා රෝගීන් 11,600 කට වඩා තහවුරු වී ඇති අතර පුද්ගලයින් 578 ක් මියගොස් තිබේ.

බීබීසී ඇසුරින්

Share