අද දවසට කොරෝනා රෝගීන් 04ක් : තහවුරු වූ මුළු ගණන 106ක්

Staff Writer | Author . Translate to English or தமிழ் 26. 03. 2020 | 7.29pm
අද දවසට කොරෝනා රෝගීන් 04ක් : තහවුරු වූ මුළු ගණන 106ක්

New update 

කොරෝනා වැළඳී ඇතැයි සැක කළ තවත් දෙදෙනකුට කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 

ඒ අනුව අද රෝගීන් හතර දෙනකුට කොරෝනා ආසාධනය වූ බවට තහවුරු වී යැයි ද අංශය පවසයි.

Update : 7.30 PM

මේ වන විට කොරෝනා ආසාධිතයින් 106 දෙනකු ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොරෝනා ආසාධිතයින් තවත් දෙදෙනකු අද (26) සවස සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් සොයාගත් මුළු ආසාධිතයන්ගේ සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගය ආසාධනය වූ හය දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 98 දෙනෙකි. 

කොරෝනා යැයි සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සංඛ්‍යාව  237කි.

Share