බ්‍රිතාන්‍ය චාල්ස් කුමරුට කොරෝනා වැළඳෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 25. 03. 2020 | 4.27pm
බ්‍රිතාන්‍ය චාල්ස් කුමරුට කොරෝනා වැළඳෙයි

චාල්ස් කුමරුට කොරෝනා වෛරසය වැළදී ඇතැයි බීබීසිය වාර්තා කරයි.

71 හැවිරිදි ඔහු මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් යහපත් සෞඛ්‍ය තත්වයක පසුවන බවත් ප්‍රකාශකයෙක් පැවසීය.

72 හැවිරිදි කෝන්වෝල් ආදිපාදවරියද පරීක්ෂාවට ලක් කර ඇති නමුත් වෛරසය වැළදී නැති බවට තහවුරු වී තිබේ.

ක්ලැරන්ස් නිවසේ ප්‍රකාශකයෙක් කියා සිටියේ ඔවුන් මේ වන විට බැල්මොරල් හි ස්වයං නිරෝධායනය වී සිටින බවයි.

“රජයේ සහ වෛද්‍ය උපදෙස් වලට අනුව කුමරු සහ ආදිපාදවරිය දැන් ස්කොට්ලන්තයේ නිවසේදී ස්වයං නිරෝධායනය වී සිටිනවා.මෑත සතිවල දී ඔහු පොදු කටයුතු රැසක නියැලී සිටි නිසා වෛරසය වැළඳී ඇත්තේ කාගෙන්දැයි නිශ්චය කළ නොහැකියි"නිල ප්‍රකාශයක සටහන් විය.

බීබීසී ඇසුරිනි 

Cover Photo : Reuters 

Share