ඉදිරි සති දෙකේ COVID-19 ආසාධිතයන්ගේ විශාල වැඩිවීමක්?

Staff Writer | Author . Translate to English or தமிழ் 25. 03. 2020 | 3.03pm
ඉදිරි සති දෙකේ COVID-19 ආසාධිතයන්ගේ විශාල වැඩිවීමක්?

සමාජ දුරස්ථකරණය අසාර්ථකව සිදු කළ රටවල දත්ත සැලකිල්ලට භාජනය කළ විට අප රටේ මාර්තු 25 වන දා සිට අප්‍රේල් 07 වන දා දක්වා කාලය තුල කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. 

නමුත් ලංකාවේ බලධාරීන් ලබා දුන් සෞඛ්‍ය උපදෙස් ජනතාව අකුරටම පිළිපැද්දාා නම් ඉදිරි සති කිහිපය තුළ දී සතුටුදායක ප්‍රවණතාවයක් අපේක්ෂා කළ හැකි බව ද එම සංගමය පවසයි.

කිසියම් අයුරකින් අසතුටුදායක ප්‍රවණතාවක් ඇති වුවහොත් රටේ සීමිත භෞතික සම්පත් භාවිත කිරීමේ සීමාව ඉක්මවා යා හැකි බව ද, පුරවැසියන්ගේ වගකීම් විරහිත හැසිරීම් මත සෞඛ්‍ය සේවකයන් නිරෝධායනයට ලක් කිරීමට සිදු වුවහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් ධාරිතාවය මෙතෙක් කිසිදු කළක අත්නොවිඳි ලෙසින් අඩු විය හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

එනිසා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම සංගමය මේ සම්බන්ධයෙන් යොමු කළ තත්ත්ව වාර්තාව පහත දැක්වේ.


Share