මහින්දගේ රුව සහිත සතොස ලොරි ඡායාරූප පරණ ඒවා

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 25. 03. 2020 | 2.32pm
මහින්දගේ රුව සහිත සතොස ලොරි ඡායාරූප පරණ ඒවා

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත සතොස ලොරියක ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල පතුරුවනු ලබයි. 






කොරෝනා වෛරසය හේතුවෙන් නිවෙස්වල සිටින ජනතාවට බඩු මලු බෙදීම⁣ට යොදාගන්නා ලොරි රථ බවට හුවාදක්වමින් මෙම ඡායාරූප පළ කර තිබේ.

ලොරියේ රාජපක්ෂ මහතාට අමතරව තවත් දෙදෙනකුගේ රුව සඳහන්ව ඇති අතර ඉන් එක් අයකු හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකි. ඔහු 2015 මැතිවරණයෙන් පරාජයට පත්වූවෙකි.

අප කළ සොයා බැලීමක දී තහවුරු වූයේ එම ඡායාරූප 2014 දෙසැම්බර් ඡන්ද සමයේ ලබා ගත් ඡායාරූප බවයි.

ඩේලි මිරර් වෙබ් අඩවියේ ඒවා පළ කර තිබුණේ මෙසේය.

Link : http://www.dailymirror.lk/article/rries-carry-mr-image-58185.html?fbrefresh=1505989926

එම ලොරි රථ බෙදාදීම ගැන ඩීමෝ ආයතනයේ වෙබ් අඩවියේ පළ කර තිබූ ලිපිය

https://www.dimolanka.com/news/dimo-delivers-100-dimo-batta-vehicles-to-sathosa/?fbclid=IwAR0LU8Z8ZPbvJeHyS2isbcEjdeFJBlGTEgU2U73R0QpMCsVr4kuaJlxzr5Q


Share