ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දමයි

Staff Writer | Author . Translate to English or தமிழ் 24. 03. 2020 | 7.08pm
ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දමයි

ජපානයේ අගමැති ෂින්සෝ අබේ සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (IOC) සභාපති තෝමස් බැච් අතර පැවති සාකච්ඡාවලින් පසු ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.

ඔලිම්පික් උළෙල අවලංගු කිරීම ප්‍රශ්නයක් නොවන බව ඔවුන් තහවුරු කර ඇති බව ජපානයේ අගමැති ෂින්සෝ අබේ පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය නිසා වඩාත් සුදුසු පියවර ඔලිම්පික් උළෙල කල් දැමීම බවට IOC සභාපතිවරයා 100%ක් එකඟ වූ බව ජපාන අගමැතිවරයා කීය. 

“ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වදින විට උපරිම සෞඛ්‍ය මට්ටමේ සිටින බව සහතික කිරීමට සහ ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට හොඳම තීරණය කල් දැමීම බවට එකඟත්වය පළවුණා,” ජපාන අගමැතිවරයා පැවසීය.

"මෙම උළෙල 2020 න් එහාට නමුත් 2021 ග්‍රීෂ්ම කාලයට පෙර පැවැත්වීමට නැවත දින සකස් කළ යුතුය ”යනුවෙන් IOC සහ ඔලිම්පික් 2020 සංවිධායක කමිටුව ඒකාබද්ධව ප්‍රකාශ කළේය.

The Guardian ඇසුරෙන් 

Cover Photo : Igor Belyayev/TASS

Share