ඇමෙරිකාව කොරෝනා වසංගතයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වීමෙි අවදානමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 24. 03. 2020 | 6.32pm
ඇමෙරිකාව කොරෝනා වසංගතයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වීමෙි අවදානමක්

ඇමෙරිකාව ගෝලීය කොරෝනා වසංගතය පැතිරයාමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික කටයුතු සඳහා රට නැවත විවෘත කිරීම ගැන කතා කළත් එරට ආසාදිතයින් සංඛ්‍යාව ඉතා ඉක්මණින් ඉහළ යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

"එක්සත් ජනපදයේ පැතිරීම්වල විශාල වැඩිවීමක් දැන් අපට පෙනෙන්න⁣ට තියෙනවා. එබැවින් ඇමෙරිකාව වසංගතයේ නව කේන්ද්‍රය බවට පත්වීමේ හැකියාවක් තියෙනවා. ”ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක මාග්‍රට් හැරිස් පැවසීය.

මේ වන විට එක්සත් ජනපදයේ පුද්ගලයින් 46,450 කට වෛරසය ආසාදනය වී ඇති අතර මරණ 593 ක් සිදුව ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම දත්ත පෙන්වා දෙයි.

The Guardian ඇසුරෙන් 

Share