බස්නාහිර පළාත කොරෝනා අධිඅවදානම් කළාපයක් ලෙස හඳුනා ගැනේ

Staff Writer | Author . Translate to English or தமிழ் 24. 03. 2020 | 2.13pm
බස්නාහිර පළාත කොරෝනා අධිඅවදානම් කළාපයක් ලෙස හඳුනා ගැනේ

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කොරෝනා ව්‍යාප්තිය නිසා අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

එම ප්‍රදේශවලට අද පස්වරු 2.00ට යළි පැනවූ පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම බලපැවැත්වෙන බව රජය දැනුම් දෙයි.

එම ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය කරන ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා වෙනම වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ ඇඳිරිනීතිය ඉවත් කළ කාලසීමාවේදී ජනතාව නගරබදව ගැවසීමෙන් කොරෝනා පැතිරීමේ අවදානම දැඩිවීමයි.

ඊයේ(23) හමුවූ ආසාදිත රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

Share