එංගලන්ත වැසියන්ට නිවෙස්වල ඉන්නැයි නියෝග

Staff Writer | Author . Translate to English or தமிழ் 24. 03. 2020 | 2.59am
එංගලන්ත වැසියන්ට නිවෙස්වල ඉන්නැයි නියෝග

කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා එක්සත් රාජධානියට දැඩි සීමා පැනවීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර තිබේ.

මූලික අවශ්‍යතා, දිනපතා ව්‍යායාම, වෛද්‍ය අවශ්‍යතාවයන් සහ අත්‍යවශ්‍ය රැකියාවලට යාම සහ ඒමට හැර අද(24) සිට එරට වැසියන් නිවසේ සිටිය යුතු බව අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේය.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් වසා දැමීමටත් (එකට ජීවත් නොවන) දෙදෙනෙකුට වඩා රැස්වීම් තහනම් කිරීමටත් තීරණය කර ඇත.

කොරෝනා වෛරසයෙන් එක්සත් රාජධානියේ මියගිය සංඛ්‍යාව 335 කි.

මිනිසුන් නීති රීති අනුගමනය නොකරන්නේ නම් දඩ මුදල් සහ පොදු හමුවීම් විසුරුවා හැරීම් සඳහා පොලිසියට බලය ඇති බව බොරිස් ජොන්සන් රූපවාහිනී ප්‍රකාශයකින් පැවසීය.

පුස්තකාල, ක්‍රීඩා පිටි,ජිම් සහ පූජනීය ස්ථාන ද වහාම වසා දැමිය යුතු අතර ව්‍යායාම සඳහා උද්‍යාන විවෘතව පවතින නමුත් දෙදෙනකුට වැඩි රැස්වීම් විසුරුවා හරිනු ඇත.

මංගල උත්සව, බෞතීස්ම සහ වෙනත් උත්සව රජය විසින් තහනම් කරනු ඇති නමුත් අවමංගල්‍ය කටයුතු සඳහා අවසර දෙනු ලැබේ.

ජොන්සන් මහතා කියා සිටියේ මෙම තහනම් නිරන්තරයෙන් සමාලෝචනය කරන බවයි.

"අපි සති තුනකින් නැවත සොයා බලනවා.මේම සීමාවන් ලිහිල් කළ හැකි බවට සාක්ෂිවලින් පෙනී යන්නේ නම් ඒවා ලිහිල් කරනවා"ඒ මහතා කීය.

"මේ රට දශක ගණනාවක් තිස්සේ මුහුණ දුන්  ලොකුම තර්ජනය” විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව එංගලන්ත අග්‍රාමාත්‍යවරයා පැවසීය.

" විශාල ජාතික උත්සාහයක් නොමැතිව ලෝකයේ කිසිදු සෞඛ්‍ය සේවාවකට මෙම වෛරසයේ පැතිරීම නැවැත්වීමට නොහැකි මොහොතක් පැමිණෙනු ඇත. මක්නිසාද යත්, ප්‍රමාණවත් තරම් උපකරණ, දැඩි සත්කාර ඇඳන්, ප්‍රමාණවත් වෛද්‍යවරුන් සහ හෙදියන් නොසිටින බැවිනි."  ඔහු සඳහන් කළේය

BBC ඇසුරෙන්

Cover Photo : Sky News

Share