ගෙවුණු පැය කිහිපයට ආසාධිතයන් 10ක් : මුළු ගණන 97 දක්වා ඉහළට

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 03. 2020 | 9.35pm
ගෙවුණු පැය කිහිපයට ආසාධිතයන් 10ක් : මුළු ගණන 97 දක්වා ඉහළට

New update: 

කොරෝනා ආසාධිතයන්ගේ මුළු සංඛ්‍යාව අද රාත්‍රී 10.30 වන විට 97 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 

ගෙවුණු පැය කිහිපය ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 10 දෙනෙකි.

මේ අතුරෙන් පළමු ආසාධිතයා ලෙස හඳුනා ගත් චීන කාන්තාව සුවය ලබා පෙබරවාරි මස 19 වැනි දා පිටව ගිය අතර දෙවැනි ආසාධිතයා ලෙස හඳුනා ගත් සංචාරක මඟපෙන්වන්නා අද රෝහලෙන් පිටව ගියේය. 

තවත් 95 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබති.

Update : 9.00PM

ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුළු කොරෝනා ආසාධිතයන් ගණන අද රාත්‍රී 8.30 වන විට 95 දක්වා වර්ධනය වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඉන් දෙදෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් තිබේ. දෙදෙනාගෙන් එක් අයෙක් චීන කාන්තාවකි. ඇය සුවය ලබා පිටව ගියේ පෙබරවාරි 19 වැනි දා ය. අනිත් රෝගියා අද පිටව ගියේය.

Update : 8.00PM

ශ්‍රී ලංකාවෙන් සොයා ගත් කොරෝනා ආසාධිතයින් මුළු සංඛ්‍යාව අද රාත්‍රී 7.30 වන විට 94 දක්වා වැඩි වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ අතුරෙන් දෙදෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 92කි.

කොරෝනා යැයි සැකපිට වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින ගණන 227කි.

Share