ලංකාවෙන් හොයාගත් දෙවැනි ආසාධිතයාත් සුවය ලබා පිටව යයි

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 03. 2020 | 9.20pm
ලංකාවෙන් හොයාගත් දෙවැනි ආසාධිතයාත් සුවය ලබා පිටව යයි

ශ්‍රී ලංකාවේ දී කොරෝනා වෛරසය  ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකික රෝගියා සම්පූර්ණ සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද (23) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීය.

ඉතාලි ජාතිකයන් සඳහා සංචාරක මඟපෙන්වන්නෙකු ලෙස කටයුතු කළ මෙම තැනැත්තා, කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් අනතුරුව අයි ඩී.එච් රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි.

ඔහු කොරෝනා වෛරසය වැළදී ඇති බවට මෙරට දී තහවුරු කෙරුණු දෙවැනි රෝගියා ය.

ඒ අනුව මේ වන විට සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය ⁣කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2කි.

Share