ලෝක ජනගහනයෙන් හතෙන් එකක් ගෙදර

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 03. 2020 | 5.00pm
ලෝක ජනගහනයෙන් හතෙන් එකක් ගෙදර

ලොව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක බිලියනයකට අධික පිරිසක් මේ වන විට නිවෙස්වලට වී සිටින බව ඒඑෆ්පී සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

ඒ එම රටවල රජයන් කළ ඉල්ලීම් අනුවය.

එය ලෝක ජනගහනයෙන් 1/7කට ආසන්න සංඛ්‍යාවකි.ලොව පුරා පැතිරෙන කොරෝනා වසංගතය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ.

ප්‍රංශය, ඉතාලිය සහ ආර්ජන්ටිනාව වැනි සමහර රටවල් අනිවාර්ය ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඉරානය සහ බ්‍රිතාන්‍යය වැනි රටවල් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිවසේ සිටින්නැයි තම පුරවැසියන්ට නියෝග කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේද මිලියන 20කට ආසන්න පිරිසක් ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස්වලට වී සිටිති.

Cover Photo : Thomas Peter / Reuters
Share