එක් නිවසකින් එක් අයෙක්⁣ පමණක් යන්නැයි ජනාධිපති ඉල්ලයි

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 03. 2020 | 10.57pm
එක් නිවසකින් එක් අයෙක්⁣ පමණක් යන්නැයි ජනාධිපති ඉල්ලයි

ඇඳිරි නීතිය ඉවත් කළ පසු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අවශ්‍යතා සඳහා එක් නිවසකට එක් පුද්ගලයෙක් පමණක් යන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.

එමෙන්ම පිටතට යන විට මුඛ ආවරණයක් පළඳින්නැයි ද ඒ මහතා ඉල්ලයි.

පොදු ප්‍රවාහනය, පෝලිම්වල සහ සාප්පු යාමේදී පුද්ගලයින් අතර මීටර් 1 ක දුරක් තබා ගන්නා ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

ට්විටර් පණිවිඩයක් හරහා ඒ මහතා මේ බව කීය.


Share