ඉන්දියාවෙි දිස්ත්‍රික්ක 80ක් වසාදමයි

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 03. 2020 | 10.16pm
ඉන්දියාවෙි දිස්ත්‍රික්ක 80ක් වසාදමයි

නව කොරෝනා වයිරසය පාලනයට ඉන්දියා⁣වේ දිස්ත්‍රික්ක 80 ක් සම්පූර්ණයෙන් වසා දමා ඇති බව ඉන්දීය රජය අද(22) නිවේදනය කළේය.

එමෙන්ම රට තුළ සියලු පොදු ප්‍රවාහන සේවා මාර්තු 31 දක්වා වසා දැමීමට ද තීරණය කර ⁣තිබේ.මේ අනුව පෞද්ගලික වාහන ධාවනයට ඉඩ ලැබෙනු ඇත.නමුත් දිස්ත්‍රික්ක 80ක අත්‍යවශ්‍ය ප්‍රවාහනය පමණක් සිදු කිරීමට අවසර ලබා දී තිබේ.

කොරෝනා රෝගීන් වාර්තා වී ඇති දිස්ත්‍රික්ක 80ක් මෙලෙස හඳුනාගෙන ඇත.

"මාරාන්තික කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, අන්තර් රාජ්‍ය ප්‍රවාහන බස් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන මගී ප්‍රවාහනය සඳහා වන සීමාවන් මාර්තු 31 දක්වා දීර්ඝ කිරීමේ හදිසි අවශ්‍යතාවයක් ඇති බවට තීරණය විය."මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර, පන්ජාබ්, කර්නාටක, තමිල්නාඩු සහ කේරළ ඇතුළු ප්‍රාන්ත රැසක දිස්ත්‍රික්ක මෙලෙස සම්පූර්ණයෙන්ම දමා තිබේ.

මීට අමතරව රට පුරා වෛරසය මැඩපැවැත්විමට පෙර පුහුණුවක් ලෙස  මුළු රටටම පැය 14ක ඇඳිරි නීතියක් අද (22) පනවා තිබිණි.එය 'ජනතා ඇඳිරි නීතිය' නම් විය

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 396 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ සභාව පවසයි. (විදේශීය ජාතිකයන් ද ඇතුළුව) මරණ 07ක්ද වාර්තා වී තිබේ

රාජස්ථාන් රජය ඇඳන් 100 ක් හෝ ඊට වැඩි ධාරිතාවක් ඇති පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය විද්‍යාලවලට කොරෝනා රෝගීන් දැමීම සඳහා ඔවුන්ගේ මුළු ඇඳන් සංඛ්‍යාවෙන් 25% ක් වෙන් කරන ලෙස උපදෙස් දී තිබේ.

ඕනෑම හදිසි තත්වයකට මුහුණ දීම සඳහා රජය සූදානම් වීමේ කොටසක් ලෙස ලක්ෂ 1 කට අධික පිරිසකට නිරෝධායන පහසුකම් ඇති කිරීම සඳහා ගොඩනැගිලි වහාම හඳුනා ගන්නා ලෙස රාජස්ථාන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සියලුම දිස්ත්‍රික්කවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ලිපියක් යවයි.

Times Of India ඇසුරෙන්

Share