කොරෝනා ගැන ලංකාවේ තොරතුරු පරස්පරයි

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 22. 03. 2020 | 12.13pm
කොරෝනා ගැන ලංකාවේ තොරතුරු පරස්පරයි

COVID-19 ආසාධනය වූවන් ගැන ඊයේ සහ අද දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය සහ වසංගත රෝග විද්‍යා අංශය මෙන්ම ජනමාධ්‍ය ද වාර්තා කළ තොරතුරුවල පරස්පරබවක් ඇති බව එම ඒවා පරීක්ෂා කරද්දී පෙනී යයි.

ඊයේ උදෑසන 10.00 වන විට කොරෝනා ආසාධනය වූවන් සිටියේ 72 දෙනකු බව (චීන කාන්තාවද ඇතුළුව) වසංගත රෝග විද්‍යා අංශයේ ලේඛන අනුව පෙනී යයි. කෙසේ වෙතත් ඊයේ රාත්‍රී වන විට එම සංඛ්‍යාව 77 දක්වා වැඩි වූ ජනමාධ්‍ය ඊයේ වාර්තා කළේ සෞඛ්‍ය අමාත්‍යවරිය උපුටා දක්වමිනි. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ සවස 6.05ට නිවේදනය කළේ කොරෝනා රෝගීන් පස් දෙනකු අලුතෙන් හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව මුළු සංඛ්‍යාව 77 දක්වා ඉහළ යන බව ඔවුන් සඳහන් කර තිබිණි. එම සංඛ්‍යාව චීන කත ඇතුළත්වද නැතිව ද යන්න සඳහන් කර නැත.

මෙම පිරිස අනුරාධපුරයෙන් සොයා ගත් බව ද බොහෝ මාධ්‍ය ඊයේ වාර්තා කළේය. 

කෙසේ වෙතත් අද දින වසංගත රෝග විද්‍යා අශ්‍ය නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව චීන කාන්තාව ද ඇතුළත්ව කොරෝනා ආසාධිත මුළු සංඛ්‍යාව 78 දෙනෙකි. වැඩි වී ඇති සංඛ්‍යාව හය දෙනෙකි. එම වාර්තාව අනුව රෝගීන් හය දෙනාම වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින්ය. එම වාර්තාව අනුව ඊයේ අනුරාධපුරයෙන් එක් රෝගියෙක්වත් වාර්තා වී නැත. ඊයේ උදේ 10 වන විට නිරෝධායන මධ්‍යස්ථානවලින් සොයා ගත් කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 25ක් වූ අතර අද උදේ 10 වන විට එම සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ සිතියමට අනුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් තිදෙනෙක්ද, මඩකලපුව සහ වව්නියාව නිරෝධායන මධ්‍යස්ථාන වලින් එක් රෝගියෙක් බැගින් ද, වැල්ලවායෙන් එක් රෝගියෙක් ද සොයාගනු ලැබ සිටිති. 

මෙම පරස්පරතාවයන් ගැන විමසීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. 

අනුරාධපුර රෝහලෙන් රෝගීන් වාර්තා වන බවට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු


අද සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් වාර්තා අනුව තත්ත්වය

ඊයේ (21) තහවුරු කෙරුණු රෝගීන්ගෙන් 6දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ ඇති බව වසංගත රෝග අංශ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව නව කොරෝනා වෛරසය (COVID-19) ආසාදනය වී ඇතැයි තහවුරු වූ 77නාගෙන් 47 දෙනකුම වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටතදීය. 


නිරෝධායන මධ්‍යස්ථානවල සිටිය දී සොයාගත් කොරෝනා රෝගින්ගේ සංඛ්‍යාව 31කි. 

කොරෝනා රෝගය ආසාධනය වූ විදේශිකයන් තිදෙනෙක් ද ශ්‍රී ලංකාවේදී හඳුනා ගනු ලැබූහ.


නව වර්ගීකරණයට අනුව නිරෝධායන මධ්‍යස්ථානවලින් සොයාගත් පිරිස වෙන් කළ විට වැඩිම ආසාධිතයින් පිරිසක් සොයාගෙන ඇති දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. එම ගණන 16 දෙනෙකි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයාගෙන ඇති ආසාධිතයින් ගණන 10කි. 


පුත්තලම, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාධිතයන් හය දෙනෙකු, හතර දෙනකු සහ තිදෙනකු වශයෙන් සොයාගෙන තිබේ. 

කුරුණෑගල, ගාල්ල, මඩකලපුව, කෑගල්ල, බදුල්ල සහ යන දිස්ත්‍රික්කවලින් එක් ආසාධිතයකු බැගින් සොයාගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයා ගත් ආසාධිතයන් මත්තේගොඩ, කොළඹ 08, ගල්කිස්ස, අකුරේගොඩ, රාජගිරිය, බෞද්ධාලෝක මාවත ආදී ප්‍රදේශවලින් සොයාගෙන තිබේ.  ගම්පහෙන් සොයාගත් පිරිස වත්තල, මහර, උඩුගම්පොළ, ජා-ඇළ ආදී ප්‍රදේශවලින් සොයාගෙන ඇත. 

කොරෝනා ආසාදිතයින් බවට සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන ගණන 222කි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබති. 

දිනකට තහවුරු වූ රෝගීන් ගණන 

රෝගීන් සංඛ්‍යාව වැඩි වූ ආකාරය




රෝගීන් හමුවූ ප්‍රදේශ සහ ස්ථාන 


      1. 1.මත්තේගොඩ
      2. 2.කොළඹ 08
      3. 3.කොළඹ 08
      4. 4.මහර 
      5. 5.උඩුබද්දාව
      6. 6.දුන්කන්නාව
      7. 7.කොළඹ 08
      8. 8.ගල්කිස්ස
      9. 9.කොළඹ 08
      10. 10.ගාල්ල
      11. 11.අකුරගොඩ
      12. 12.රාජගිරිය
      13. 13.බෞද්ධාලෝක මාවත
      14. 14.කොළඹ 06
      15. 15.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      16. 16.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      17. 17.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      18. 18.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      19. 19.මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය
      20. 20.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      21. 21.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      22. 22.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      23. 23.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      24. 24.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      25. 25.ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය
      26. 26.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      27. 27.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      28. 28.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      29. 29.මාරවිල
      30. 30.රත්නපුර
      31. 31.මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය
      32. 32.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      33. 33.වවුනියා නිරෝධායන මධ්‍යස්ථානය
      34. 34.උඩුගම්පොල
      35. 35.කැලණිය
      36. 36.වත්තල
      37. 37.නෙළුම්දෙනිය
      38. 38.කළුතර දකුණ
      39. 39.කොළඹ 08
      40. 40.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
        1. 41.මඩකලපුව
        2. 42.වයික්කාල
        3. 43.වයික්කාල
        4. 44.මොරවක
        5. 45.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
        6. 46.බණ්ඩාරගම
        7. 47.බේරුවල
        8. 48.මාලබේ
        9. 49.දෙහිවල-ගල්කිස්ස
        10. 50.රත්මලාන
        11. 51.වත්තල
        12. 52.ජා-ඇල
        13. 53.රත්මලාන
        14. 54.රත්නපුර
        15. 55.රත්නපුර
        16. 56.වයික්කාල
        17. 57.ජා-ඇල
        18. 58.ජා-ඇල
        19. 59.බණ්ඩාරවෙල
        20. 60.කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය
        21. 61.කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය
        22. 62.වයික්කාල
        23. 63.ජා-ඇල
        24. 64.ජා-ඇල
        25. 65.කොළඹ 08
        26. 66.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
        27. 67.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
        28. 68.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
        29. 69.නිවාසිපුර
        30. 70.පානදුර
      41. 71.කොළඹ 08
        1. 72.වැල්ලවාය
      1. 73.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      2. 74.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
      1. 75.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
        1. 76.මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය

        77.වවුනියා නිරෝධායන මධ්‍යස්ථානය

        1. ස්ත්‍රී-පුරුෂ අනුව

          කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පිරිමි රෝගීන්ය.එය ප්‍රතිශතයක් වශයෙන් 69%කි. ආසාදිත ස්ත්‍රී ප්‍රතිශතය 31%කි.


        1. වයස අනුව

              වයස අනුව ගත් විට කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වයස 41ත් 50ත් අතර පුද්ගලයෝ වෙති.එය 32.10%කි

              51-60 අතර ප්‍රතිශතය 16.70%කි.. වයස 61-70 අතර තහවුරු කරන ලද රෝගීන්ගේ ප්‍රතිශතය 6.40%කි.


              1. සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළ දත්ත අනුව

              1. 0 - 10 yrs 2.60%

                11 – 20 yrs  6.40%

                21 – 30 yrs 15.40%

                31 – 40 yrs 19.20%

                41 – 50 yrs 32.10%

                51 – 60 yrs 16.70%

                61 – 70 yrs 6.40%

                71 – 80 yrs 1.30%

                81 – 90 yrs 0.00%




                  1. මෙම දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද නිල තොරතුරු අනුව සකස් කරන ලදී


                  Share