මැතිවරණ දිනය මැයි 14ටත් එහා ; දිනය සලකා බලද්දි අලුත් අවුරුද්දත් පහුවෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 03. 2020 | 9.44am
මැතිවරණ දිනය මැයි 14ටත් එහා ; දිනය සලකා බලද්දි අලුත් අවුරුද්දත් පහුවෙයි

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයක් තීරණය කිරීම තියා ඒ ගැන සකලා බැලීම හෝ සිදු කළ හැක්කේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

ඒ මහතා මේ බව කියනුයේ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමිනි.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය මැයි 14 දිනෙයෙන් ඔබ්බෙහි වූ දිනයක් වනු ඇතැයි ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

එබැවින් සියලුම ආකාරයේ පක්ෂ/අපේක්ෂක ප්‍රචාරක කටයුතු අත්හිටුවා COVID-19 සතුරා පැරදවීම සඳහා ක්‍රියාත්මක වන ලෙස සියලුම දේශපාලනඥයින්ගෙන් හා දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් මෙන්ම සියලුම පුරවැසියන්ගෙන් ද ඉල්ලා සිටින බව දේශප්‍රිය මහතා කියයි.

දේශප්‍රිය මහතාගේ සම්පූර්ණ සටහන පහතින්...

''පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිනයක් නියම නොකර එය කල් තබා ඇත.එම දිනය අනිවාර්යයෙන්ම 2020 මැයි මස 14 දිනයෙන් ඔබ්බෙහිවූ දිනයක් වනුඇත . අපේක්ෂකයින්ගේ මනාප අංක ඡන්ද විමසීම් දිනය නියම කෙරෙන තෙක් නිකුත් කරනු නොලැබේ මැතිවරණය සදහා නව දිනයක් ගැන තීරණය කිරීම තබා ඒ ගැන සලකා බැලීම හෝ සිදු කළ හැක්කේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය අවසන්වීමෙන් පසු බොහෝ විට අප්රේල් 20 දිනද පසුවී එනම් කල් තැබීමේ ගැසට් නිවේදනයෙන් මාසයකට පසු බව හඟිමි

එහෙයින් සියලුම ආකාරයේ පක්ෂ / අපේක්ෂක ප්‍රචාරක කටයුතු අත්හිටුවා මේ රුදුරු COVID -19 සතුරා පැරදවීම සඳහා ක්‍රියාත්මක වන ලෙස සියලුම දේශපාලනඥයින් ගෙන් හා දේශපාලන ක්‍රියාකාරීන් ගෙන්ද සියලුම පුරවැසියන් ගෙන් ද ඉතා ඕනෑකමින් හා කරුණාවෙන් ඉල්ලා සිටිමි .

සටහන

1 ජනතාවට විවිධ බෙදා හැරීම් හරහා කෙරෙන වක්‍ර ප්‍රචාරද ,ජනමාධ්‍ය හරහා කෙරෙන ප්‍රචාරද මේ අවස්ථාවේදී නොකර සිටින ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලැබේ .

2 මැතිවරණ දිනය කල්,තැබීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ .

,අති විශේෂ ,කාණ්ඩයේ එම ගැසට්ටුව , අංක 2167/19 - 2020. 03. 21 ලෙස වේ.


Share