එක්සත් රාජධානියේ සිට රන්ටැඹේ හමුදා කඳවුරට ගිය ගමන

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 03. 2020 | 12.45am
එක්සත් රාජධානියේ සිට රන්ටැඹේ හමුදා කඳවුරට ගිය ගමන

ජාතික සංහිඳියා කාර්යංශයේ හිටපු ප්‍රධානීයකු වන මොහොමඩ් හිෂාම් මහතා මේ වන සිටින්නේ නිරෝධායන මධ්‍යස්ථානයකය. මේ ඔහු නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී ලබන අත්දැකීම් පිළිබඳ ගෙන එන විශේෂාංගයකි.


එක්සත් රාජධානියට ගොස් සිටි හිෂාම් මහතා පසුගිය දා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වසා දමට බවට නිවේදනය කිරීමෙන් පසු සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ පළ කර තිබිණි.

"පසුගිය දින කිහිපය තුළ එක්සත් රාජධානියේ සිට පැමිණි මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කර ඇති අතර කොළඹ ගුවන්තොටුපළ අද සිට සති 2 ක් වසා දමා ඇත.ඒ කියන්නේ මට සති දෙකක් විතර එංගලන්තයේ හිරවෙලා ඉන්න වෙයි වගේ"

ඒ මාර්තු 17 වැනිදා ඔහු තැබූ සටහටනකි. ඒ වන විට ඔහු සිතා සි⁣ටියේ නැවත ලංකාවට ඒමට දින ගණනක් ගත වනු ඇති බවයි. මන්ද යත් ඒ වන විට ශ්‍රී ලංකාවට ගුවන් මගීන් ඇතුළුවීම දින 14කට තහනම් කිරීම හේතුවෙනි.

නමුත් ඉන් දිනකට පසු ඔහුට දැනගන්නට ලැබුණේ ලන්ඩන් සිට විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාව බලා පිටත්ව යන බවයි. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකි. ඔහු නිරෝධායනයට යාමට සඳහා පෙර සූදානම් ඇතිවම එංගලන්තයෙන් පිටත් විය.

''මාර්තු 18 at 7:16 PM
එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සිට

"අල්හම්දුලිල්ලා!.  ලන්ඩනයේ සිට කොළඹ දක්වා ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් එවන ලද විශේෂ ගුවන් යානයට ගොඩවීමට බලා සිටීමි. නැවත මගේ රටට ඒම සඳහා සියලු ආකාරයේ උපකාර හා යාච්ඥා කළ ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ මිතුරන්ට සහ පවුලේ අයට බොහෝ ස්තූතිවන්ත වෙමි. ගුවන් යානයට ගොඩවීමට පෙර සහ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අනිවාර්ය දින 14ක නිරෝධායනයට යාමට පෙර උණුසුම් වතුරෙන් නාගෙන හොඳ කෑම වේලක් රස වින්දෙමි. සැමට නැවතත් ස්තූතියි !!!''


"කටුනායකට පැමිණ ගුවන් යානයෙන් බැස්ස විගසම අපව බස් රථයකට යොමු කරන ලද අතර එම බස් රථයෙන් තාවකාලික ගුවන් පර්යන්තයට රැගෙන ගියා."


"ඉන්පසුව අඩි තුනක පරතරයක් තබා විෂබීජ හරණයට ලක් කරනු ලැබුවා."


"පුද්ගලයන් වගේම ගමන් මලු, ජැකට්, සපත්තු වැනි පිටතට නිරාවරණය වූ සියලු දේවල් මේ ආකාරයෙන් විෂබීජහරණයට ලක් කළා."



"ඉන්පසු තාවකාලික පැමිණීමේ පර්යන්තයේ තාවකාලික ආගමන විගමන කවුන්ටර⁣ය මගින් ලබාදෙන සෞඛ්‍ය විස්තර පෝරමය (health information form) පිරවිය යුතුය."


"මෙහිදී සියලු දෙනා තමන්ගේ පුද්ගලික විස්තර, ලගම නෑයා, ළඟම පොලිස් ස්ථානය, වෛද්‍ය / ඖෂධ අවශ්‍යතාවයන්, ආහාර රුචිය veg / non veg ලෙස යනාදී විස්තර පිරවිය යුතුය."


"ඉන්පසු සිරුරේ උෂ්ණත්වය සටහන් කර වර්ගීකරණය කරනු ලබනවා."

"සම්පූර්ණයෙන් ඇග වසාගත් ඇදුම් හැඳගෙන තමයි ආගමන විගමන නිලධාරින් අප සමග ගනුදෙනු කළේ."


"ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය අංශයේ අනුමැතිය"


"පසු අප යවන්නේ කොහ්දැයි කියා නොපවසා (යම් කිසි හේතුවක් නිසා) අපගේ ගමන් මළු හදුනාගැනීමට යොමු කර  ඉන්පසු සැන්ඩ්විච් දෙකක්, කේක් කැබැල්ලක්, බීම පැකට් එකක් සහ වතුර බෝතලයක් ලබා දී බස් රියට යොමු කරනු ලැබුවා.

සියලු ගමන් මලු ට්‍රොලියකට දමා හමුදා සෙබළුන් විසින් අපට සහයෝගය දැක්වීමක් ලෙස ඒවා ලොරිය අසලට ගෙනැවිත් දුන්නා

විදේශ මුදල් හුවමාරුව සදහා වූ තාවකාලික බැංකුවක්ද ස්ථාපිත කර තිබුණා."


"ගමන් මලු පටවා රැගෙන එන්නෙ මේ වගෙ ලොරියක"


"හදිසි අවස්ථාවක් සඳහා ගිලන් රියක් ද මෙම පර්යන්තය අසල ගාල් කර තිබේ."


"සාමාන්‍ය ගුවන් මගීන්ට දැඩි ස්වරයකින් හා ඉතා සැර පරුෂ ලෙස අමතන ගුවන් නිලධාරියෙකු සහ තමාගෙ ජංගම දුරකතනයට ලැබුණු නම් හා ගුවන් බලපත් අංක ලැයිස්තුවක් ඔස්සේ යම්කිසි තරුණ මගීන් 20ක් පමණ විශේෂ ලෙස සලකා වෙනත් කදවුරකට යැවූ හමුදා නිළධාරියා හැරුණු කොට අන් සියලු නිලධාරින්,සෙබළුන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙ සේවය, හැසිරෙන විලාශය සහ කැපවීම සුවිශේෂී සහ ගෞරවනීයයි

වායු සමනය කල සුඛෝපභෝගී බස් රථයක් මගින් අපව නිරෝධයන මධ්‍යස්ථානයට රැගෙන ආවා."


"ඉදිරියෙන් පොලිස් නිල රථයත්  ඉන්පසු බස් 4ක්, ගමන්මලු රැගත් ලොරිය, ගිලන් රියක් සහ සන්නද්ධ හමුදා පසුගමන් රියක් ලෙස නම් කළ හැකි ජීප් රියක් සහිතව අප ගමන්ගත් රියපෙළ මහනුවර හරහා අපි රන්ටැඹේ ළඟා වුණා."


"පැය තුනක් කටුනායක ගත කර පැය 5ක ගමනකින් පසුව අප රන්ටැඹේ කඳවුර වෙත පැමිණියා.

අප මුල දී ලියාපදිංචි වූ විස්තර කොළඹ සිට ‍රන්ටැඹේ වෙත යවා නොතිබුණු නිසා පැය තුනක් තිස්සෙ නැවත සියලු විස්තර කළුවරේම ලබා දී වෛද්‍ය කාර්ය මණ්ඩලය මගින් සිරුරේ උණුසුම පරීක්ෂා කළා."


"ඉන්පසු ස්ථාන බාර කර්නල් වරයා විසින් අපට කෙටි විස්තර කිරීමක් කළා

පසුව සම්පුර්ණයෙන් සිරුර ආරක්ෂා කරන ලද හමුදා නිලධාරියෙකු විසින් මුලින්ම පවුල් වශයෙන් ආ අය, අනතුරුව පැමිණි ගත් කාන්තාවන් සහ අවසානයේ තනිව ආ පිරිමි ලෙසින් ලියාපදිංචි වීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නා.

අපගේ සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා දුෂ්කර සහ උණුසුම් අවස්ථාවල පවා ඉතා කැපවීමෙන් කාරුණිකව,උනන්දුවෙන් සහ ගෞරවනීය ලෙස අපට සැලකූ සියලු හමුදා නිලධාරින් හා සෙසු නිලධාරීන්ට අපගේ ස්තුතිය හා ප්‍රණාමය නොමදව ලැබිය යුතුයි"

මේ ඔහු නිරෝධායනය මධ්‍යස්ථානයට පැමිණ පළමු දින තැබූ සටහනකි 

මාර්තු 20 5.19 PM

"එක්සත් රාජධානියේ සිට ලංකාවට පැමිණි පසු රන්ටැඹේ හමුදා කඳවුරේ නිරෝධායනයේ දින 14 න් පළමු දිනය.  සීමිත සම්පත් තිබියදීත්, උණුසුම් ආගන්තුක සත්කාරයෙන් අපගේ නවාතැන් හැකි තරම් පහසු කිරීම පිළිබඳව සියලු නිලධාරීන්ට සහ සෙබළුන්ට ස්තුතිය පල කරනවා."

මාර්තු 21 වැනි දා - නිරෝධායන මධ්‍යස්ථානයේ දෙවන දිනය 

''ආහාර සම්බන්ධයෙන් අපට නිශ්චිත කාලසටහනක් ඇත.  හමුදා භටයන් පූර්ණ ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන ආහාර අපගේ නවාතැනේ මේසයක් මත තබා පිටත් වේ.


උදේ 7.30 උදේ තේ -  මෙය කිරි තේ එකකි.

උදේ 9.00ට උදේ ආහාරය

නිරෝධායන මධ්‍යස්ථානයේ පළමු දව⁣සේ උදේ ආහාරය සඳහා ලැබුණේ බත් සමග පොල් සම්බෝල,සෝයාමීට් සහ අර්තාපල් කරියකි.


දෙවැනි දවසේ උදේ ආහාරය වෙනුවෙන් පාන් සමග සීනී සම්බෝල,අල හොදි සහ සැර මාළු කරියක් ලැබුණි.

පෙ.ව 10.30 තේ වේලාව

ප.ව 1.30 දිවා ආහාරය -

පළමු දවසේ බත් සමග මස්,පරිප්පු,අල තෙල් දමා සහ සෝයා මීට් ලැබුණි.අතුරුපසට මැන්ඩරින් 

දෙවැනි දිනයේ බත් සමග ගොටුකොළ සම්බෝල සහ සෝයාමීට්.අතුරුපසට කෙසෙල්



ප.ව 4.30 - තේ (කිරි නොමැතිව)

රාත්‍රී 7.30 - රාත්‍රී ආහාරය -

දෙවැනි දිනයේ ලැබුණේ බත් සමග බිත්තර ඔම්ලට්, බීට්රූට් කරියක් සහ කෙසෙල් මුව හොදිය.


ප.ව. 9.30 - අවම වශයෙන් පැය 8 ක නින්දක් ලබා ගැනීමට අපි නින්දට යාමට උත්සාහ කරමු

අප ගැන සැලකිලිමත් වීම ගැන නැවත වරක් සියලුම සොල්දාදුවන්ට සහ නිලධාරීන්ට විශේෂ ස්තූතිය.''

ඉතිරිය ඊළග ලිපියෙන්...

ඡායාරූප ස්තූතිය මොහොමඩ් හිෂාම් මහතා



Share