ඇඳිරිනීතිය නොතැකූ 130ක් අත්අඩංගුවට : ත්‍රීවිල් සහ යතුරුපැදිත් අල්ලයි

Staff Writer | Author . Translate to English or தமிழ் 21. 03. 2020 | 6.58pm
ඇඳිරිනීතිය නොතැකූ 130ක් අත්අඩංගුවට : ත්‍රීවිල් සහ යතුරුපැදිත් අල්ලයි

පොලිස් ඇඳිරිනීතිය නොතකා කටයුතු කළ 130 දෙනෙකු අද සවස 6.00 වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් නීති, විනය හා කල්ක්‍රියා කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා MediaLK.com වෙත පැවසීය.

මෙම සැකකරුවන් සමඟ ත්‍රීරෝද රියක්, යතුරු පැදි 10ක් සහ පාපැදි 10ක් ද පොලිස් බාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ඉදිරි කාලයේ ද නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ඒ මහතා සඳහන් කළේය.

මේ අතර සඳුදා උදෑසන 6 දක්වා පනවා තිබූ ඇඳිරිනීතිය ගම්පහ, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට අඟහරුවාදා උදෑසන 6.00 වන තෙක් දීර්ඝ කර ඇත. සෙසු ප්‍රදේශවලට සඳුදා උදෑසන 6ට ඇඳිරිනීතිය ඉවත් කර යළි සඳුදා සවස 2.00ට පනවන බව පොලිසිය කියයි.

Share