වෙඩි තැබීමෙන් අයෙක් මරුට - රැඳවූවන් පැනයෑම වළක්වන්න එස්ටීඑෆ් ආරක්ෂාව

Staff Writer | Author . Translate to English or தமிழ் 21. 03. 2020 | 6.42pm
වෙඩි තැබීමෙන් අයෙක් මරුට - රැඳවූවන් පැනයෑම වළක්වන්න එස්ටීඑෆ් ආරක්ෂාව

Update:7.55 PM

අනුරාධපුුර බන්ධනාගාරයේ අද සවස සිදු කළ වෙඩි තැබීමෙන් එක් රැඳවූවකු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙක් රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

අද රැඳවියන් සිදු කළ විරෝධතාව අතරතුර පිිරිසක් පලායීමට කළ උත්සාහය වැළැක්වීමට වෙඩි තැබූ බවට බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ යැයි පොලිසිය කියයි.

කලබලයෙන් පසු රැඳවූවන්ට පැන යෑමට නොහැකි වන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ ආරක්ෂාව යෙද වූ බව පොලිසිය පවසයි.




ඡායාරූප ෂෙල්ටන් බණ්ඩාර

Update:7.50PM වෙඩි තැබීමකින් පහක් රෝහලට

අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පස් දෙනකු රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

Update:7.45PM කොරෝනා අනුරාධපුර බන්ධනාගාරය කළඹයි

අනුරාධපුර බන්ධනාගාරයේ කළබලයට හේතුව එම බන්ධානාගරයේ රැඳවූවකුට කොරෝනා රෝගය ආසාධනය වූ බවට වූ කතාවක් යැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

තමන්ටද කොරෝනා ආසාධනය විය හැකි යැයි කියමින් රැඳවූවන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර ඇතැයි ද බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවසේ.

Update:7.35PM අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි සද්ධත් ඇහිලා

අනුරාධපුර බන්ධනාගාරය ඇතුළෙන් වෙඩි සද්ධ කිහිපයක් ඇසුණු බව අවට වැසියන් පොලිසියට කියා තිබේ. 

ඇතුළේ සිදුවීම ගැන තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බව පොලිසිය පවසයි.

Update:7.20 PM : අනුරාධපුර බන්ධනාගාරයට විශේෂ කාර්ය බළකායත් යවයි

අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ කළබලය සම්බන්ධයෙන් සොයා බැලීමට සහ අවශ්‍ය වුවහොත් පාලනය කිරීමට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද යෙදවූ බව පොලිසිය කියයි.

Update:6.45PM : අනුරාධපුර බන්ධනාගාරයේ කලබලයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ උණුසුම් තත්ත්වයක් ගැන සොයා බැලීමට එම ස්ථානයට පොලිසිය යොමු කළ බව පොලිස් ආරංචි මාර්ග කියයි.

එම තත්ත්වය කුමක්දැයි තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ද පොලිසිය සඳහන් කරයි.

බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් සහ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇතැයි යන්න දැනට සැක කරන බව ද පොලිසිය පවසයි.

Share