කොරෝනා සාර්ථකව මැඩපැවැත්වූ සිංගප්පූරුවේ පළමු මරණ වාර්තා වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 21. 03. 2020 | 10.05am
කොරෝනා සාර්ථකව මැඩපැවැත්වූ සිංගප්පූරුවේ පළමු මරණ වාර්තා වෙයි

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම ගැන දැඩි පැසසුමට ලක්වූ සිංගප්පූරුව පළමු වරට කොරෝනා අසාදිත මරණ දෙකක් අද(21) වාර්තා කළේය.

මියගිය රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙකු 75 හැවිරිදි සිංගප්පූරු කාන්තාවක් වන අතර අනෙක් පුද්ගලයා 64 හැවිරිදි ඉන්දුනීසියානු පුද්ගලයකු බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සිංගප්පූරුව වෛරසයට එරෙහි ප්‍රතිචාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස පැසසුමට ලක්විය.එහි ආසාදනය වූ රෝගීන් 385 දෙනෙකු තහවුරු වූ අතර ජනවාරි අග සිට මෙම මරණ වාර්තා වන තෙක් කිසිදු මරණයක් සිදු නොවන අයුරින් බලධාරීන් තත්ත්වය පාලනය කරගෙන තිබිණි. 

The Guardian ඇසුරෙන්

Share