හදවත් රෝගීන්ට කාර්යබහුල රෝහල් මග අරින්නැයි දැනුම්දීමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 21. 03. 2020 | 12.58am
හදවත් රෝගීන්ට කාර්යබහුල රෝහල් මග අරින්නැයි දැනුම්දීමක්

පවතින කොරෝනා වසංගතය අතරතුර හෘදයාබාධ ඇති අය තවත් හෘදයාබාධයක අවදානම අවම කිරීම සහ "කාර්යබහුල රෝහල් වලට යාමෙන් වැළකී සිටීම" වෙන කවරදාටත් වඩා වැදගත් බව ඇමරිකානු හෘද සංගමය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

"වර්තමාන තොරතුරු මත පදනම්ව, හෘද රෝග හෝ අධි රුධිර පීඩනය ඇති වයෝවෘද්ධ පුද්ගලයින්ට මෙම වෛරසය ආසාදනය වීමට හා වඩාත් දරුණු රෝග ලක්ෂණ ඇතිවීමට වැඩි ඉඩක් ඇති බව පෙනේ. හෘදයාබාධවලින් දිවි ගලවා ගත් අයට කෝවිඩ් -19 වෛරසය වැළඳුණහොත් සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි වනු ඇත."එම සංගමය පවසයි.

ඔවුන් හෘදයාබාධ රෝගීන් සඳහා මෙම උපදෙස් ලබා දුන්නේය.

  • 1.ඔබේ ඖෂධ නියම කර ඇති පරිදි ගන්න.
  • 2.දුම්පානය නතර කිරීම, සෞඛ්‍ය සම්පන්න 3.ආහාර ගැනීම, ක්‍රියාශීලීව සිටීම මගින් ඔබේ අවදානම් අවම කරගන්න.
  • 4.ඔබේ වෛද්‍යවරයා හමුවී හෝ අන්තර්ජාලය හරහා තත්ත්වය හෝ පරීක්ෂා කරගන්න
  • 5.හෘද පුනරුත්ථාපන වැඩසටහන් සඳහා සහභාගී වන්න(අන්තර්ජාලය හරහා)
  • 6.ඔබ අධික ලෙස, බියට හෝ ව්‍යාකූලත්වයට පත්වන විට අවශ්‍ය පරිදි ආදරණීයයන්ගේ සහාය ලබා ගන්න.

Share