අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන අනියත බියක් එපා-වරාය ඇමති

Staff Writer | Author . Translate to English or தமிழ் 20. 03. 2020 | 11.47pm
අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන අනියත බියක් එපා-වරාය ඇමති

අත්‍යාවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව රටතුළට ගෙන්වීමට හා අඛණ්ඩව ජනතාව වෙත සැපයීම සදහා වූ ක්‍රියාවලිය පවත්වා ගැනීමට දිගටම සේවයේ නිරත වීමට වරාය සේවකයින් කැමැත්ත පළකල බව වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා පවසයි.

වරාය අධිකාරියේ සේවකයින් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව වරාය හා නාවික කටයුතු මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.

"ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා හා සෞඛ්‍ය ආරක්ෂණ සේවා මෙන්ම අනෙකුත්  අත්‍යාවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව රට ඇතුලට ගෙන්වීමට හා අඛණ්ඩව ජනතාව වෙත සැපයීම සදහා වූ ක්‍රියාවලිය පවත්වා ගැනීමට දිගටම සේවයේ නිරත වීමට වරාය සේවකයින් කැමැත්ත පළකළා." ඒ මහතා පැවසීය.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන ජනතාවට අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මීට අමතරව වරාය සේවකයින්ගේ පහසුව සදහා ප්‍රධාන පිවිසුම් මාර්ග 07ක බස් රථ යොදවා තිබේ.

  • 1.නුවර පාර - කෑගල්ල දක්වා
  • 2.ගාලු පාර - අලුත්ගම 
  • 3.හයිලෙවල් පාර - මීපේ හන්දිය
  • 4.මිනුවන්ගොඩ පාර - දිවුලපිටිය දක්වා ජාඇල හරහා
  • 5.හොරණ පාර - හොරණ දක්වා.
  • 6.පරණ පාර හංවැල්ල අවිස්සාවේල්ල දක්වා 
  • 7.කැලණි විහාර පාර කිරිදිවැල දක්වා
  •  

Share