අපි අනාරක්ෂිතයි - ගුවන්තොටුපළ සේවකයෝ කියති

Staff Writer | Author . Translate to English or தமிழ் 20. 03. 2020 | 10.03pm
අපි අනාරක්ෂිතයි - ගුවන්තොටුපළ සේවකයෝ කියති

කාලසටහන් ගත කර ඇති ආකාරයට රාජකාරීයට වාර්තා නොකරන සියලු දෙනාට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවට ගුවන්තොටුපළ සේවකයින්ට දැනුම් දී ඇතැයි විශ්වාසදායක ආරංචිමාර්ගවලින් පැවසෙයි.

ශ්‍රී ලංකාවන් ගුවන් සමාගම මේ බව තම සේවකයින්ට දැනුම් දී ඇත්තේ අද(20) ඊමේල් පණිවුඩයක් යවමිනි.

ගුවන් මගීන් ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම නවතා තිබුණද ගුවන් මගීන් හුවමාරුව සහ ශ්‍රී ලංකාවෙන් ගුවන් මගීන් පිටවීම තවමත් සිදුවෙයි. ලංකාවෙන් විදෙස්ගත වන මගීන්⁣ සහ හුවමාරු වන මගීන් සමග ගනුදෙනු කිරීමට සිදුවන බැවින් තමන් නිරාවරණය වන බවත් මේ නිසා තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු පැන නැගී ඇති බවත් ගුවන්තොටුපළ සේවකයෝ කියති.

අද(20) රාත්‍රිය වන විටත් දහසකට ආසන්න සංඛ්‍යාවක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිටින බව එහි ආරංචිමාර්ග පවසයි.

පසුගිය දින කිහිපයේ නිසි වෙලාවට ගුවන් සේවකයන්ට අත්වැසුම් හා මුඛ ආවරණ නොලැබුණ බව ද සේවකයෝ කියති.

ඇඳිරිනීතිය පැනවුනද කුලී රථවලින් හෝ සේවයට පැමි⁣⁣ණෙන ලෙස කළමනාකාරිත්වය දැනුම් දී ඇති බවත්, ඇඳිරි නීතිය පනවා ඇති හෙයින් සහ කොරෝනා වෛරසය සහිත තත්ත්වය හේතුවෙන් කුලී රථ නොමැති වීම සහ කුලී රථ රියදුරන් ගමන් යාම ප්‍රතික්ෂේප කිරීම හමුවේ තමන් දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බවත් ගුවන්තොටුපොළ සේවකයෝ පවසති.

තමන්ගේ තත්ත්වය ගැන කඩිනමින් සොයාබලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවූහු රජයෙන් ඉල්ලති.

ශ්‍රීලංකන් ආයතනය සේවකයන්ට යවා ඇති ලිපිය පහත දැක්වේ.


Share