ලෝකයේ කොරෝනා මරණ 10000 ඉක්මවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 20. 03. 2020 | 2.00pm
ලෝකයේ කොරෝනා මරණ 10000 ඉක්මවයි

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, කොරෝනා  වෛරසයෙන් 10,000 කට අධික පිරිසක් මියගොස් ඇති අතර 244,500කට වෛරසය ආසාදනය වී තිබේ.

වෛරසය ඇන්ටාක්ටිකාව හැර සෑම මහද්වීපයකම පැතිරී ඇති අතර ලොව පුරා 250,000 කට ආසන්න ජනතාවක් ආසාදනය වී ඇති බව සඳහන් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙක් කණ්ඩායම් වාර්තා කරන ආසාදිත සංඛ්‍යාව එම විශ්වවිද්‍යාලය විසින් නිරීක්ෂණය කරනු ලැබේ.

යුරෝපයේ සහ එක්සත් ජනපදයේ තත්වය එන්න එන්නම දරුණු වෙමින් පවතී.  ඉතාලියේ මරණ සංඛ්‍යාව ඊයේ චීනයේ මුළු මරණ සංඛ්‍යාව ඉක්මවා ගිය අතර ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව මේ වන විට රට තුළ රෝගීන් 41,000 කට වඩා වාර්තා වී තිබේ.

චීනයේ තත්ත්වය 

චීනයේ බලධාරීන් දේශීය වශයෙන් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව පෙනේ. දින දෙකක් පුරා අඛණ්ඩව දේශීය ආසාදන කිසිවක් වාර්තා වී නොමැති අතර රෝගීන් 71,150 ක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව රටේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

සීඑන්එන් ඇසුරෙන්

Share