කොරෝනා ආසාධිතයින් වැඩි පිරිසක් ගම්පහෙන්

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 20. 03. 2020 | 11.27am
කොරෝනා ආසාධිතයින් වැඩි පිරිසක් ගම්පහෙන්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ශ්‍රී ලංකාවේ තහවුරු වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 66කි.(ප්‍රතිකාර ලබා පිටව ගිය කාන්තාව සමග)

ඊට අමතරව කොරෝනා බවට සැක කරන 218 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබති.



කොරෝනා බවට තහවුරු වූ වැඩිම රෝගින් පිරිසක් සොයාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවත්, එම සංඛ්‍යාව 18 දෙනකු බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 17 දෙනෙක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙක් ද, කුරුණෑගලින් හා කළුතරනි් රෝගින් සිව් දෙනා බැගින්ද තහවුරු කරගෙන තිබේ.


රත්නපුරෙන් තහවුරු කරගෙන ඇති රෝගීන් ගණන තිදෙනෙකි.

ගාල්ල, කෑගල්ල, මඩකලපුව සහ මාතර දිස්ත්‍රික්ක වලින් එක රෝගියකු බැගින් ද තහවුරුකරගෙන ඇත.

කොරෝනා යැයි තහවුරු වූ තිදෙනෙක් විදේශීය ජාතිකයෝය.

මෙම ව්‍යාප්තියට අදාල තොරතුරු සකස් කර ඇත්තේ රෝගීන් පදිංචි දිස්ත්‍රික්ක අනුව වන අතර රෝගීන් සොයාගත් දිස්ත්‍රික්ක නොවන බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

දිනකට තහවුරු කෙරුණු රෝගීන් සංඛ්‍යාව අනුව 



මෙරට ⁣කොරෝනා රෝගීන් වැඩි වූ ආකාරය



රෝගය තහවුරු කරගෙන ඇති පිරිසෙත් සියයට 81ක් පිරිමි වන අතර කාත්තා ප්‍රතිෂතය සියයට 19කි.




තවමත් වයස අවුරුදු 70 ට වැඩි කිසිවකුටත් රෝගය වැළඳී නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. කෙසේ වෙතත් ගාල්ලෙන් පසුගිය 16 වෙනිදා සොයාගත් රෝගියාගේ වයස අවුරුදු 73ක් බව එදින ප්‍රවෘති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


රෝගීන් හමුවූ ප්‍රදේශ සහ ස්ථාන 


  1. 1.මත්තේගොඩ
  2. 2.කොළඹ 08
  3. 3.කොළඹ 08
  4. 4.මහර 
  5. 5.උඩුබද්දාව
  6. 6.දුන්කන්නාව
  7. 7.කොළඹ 08
  8. 8.ගල්කිස්ස
  9. 9.කොළඹ 08
  10. 10.ගාල්ල
  11. 11.අකුරගොඩ
  12. 12.රාජගිරිය
  13. 13.බෞද්ධාලෝක මාවත
  14. 14.කොළඹ 06
  15. 15.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  16. 16.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  17. 17.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  18. 18.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  19. 19.මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය
  20. 20.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  21. 21.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  22. 22.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  23. 23.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  24. 24.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  25. 25.ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය
  26. 26.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  27. 27.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  28. 28.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  29. 29.මාරවිල
  30. 30.රත්නපුර
  31. 31.මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය
  32. 32.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  33. 33.වවුනියා නිරෝධායන මධ්‍යස්ථානය
  34. 34.උඩුගම්පොල
  35. 35.කැලණිය
  36. 36.වත්තල
  37. 37.නෙළුම්දෙනිය
  38. 38.කළුතර දකුණ
  39. 39.කොළඹ 08
  40. 40.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    1. 41.මඩකලපුව
    2. 42.වයික්කාල
    3. 43.වයික්කාල
    4. 44.මොරවක
    5. 45.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    6. 46.බණ්ඩාරගම
    7. 47.බේරුවල
    8. 48.මාලබේ
    9. 49.දෙහිවල-ගල්කිස්ස
    10. 50.රත්මලාන
    11. 51.වත්තල
    12. 52.ජා-ඇල
    13. 53.රත්මලාන
    14. 54.රත්නපුර
    15. 55.රත්නපුර
    16. 56.වයික්කාල
    17. 57.ජා-ඇල
    18. 58.ජා-ඇල
    19. 59.බණ්ඩාරවෙල
    20. 60.කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය
    21. 61.කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය
    22. 62.වයික්කාල
    23. 63.ජා-ඇල
    24. 64.ජා-ඇල
    25. 65.කොළඹ 08


මෙරටින් හමුවූ රෝගීන් ගැන සංඛ්‍යාත්මක දත්ත විමසුම(අද නිකුත් කළ දත්ත අනුව)

වයස අනුව


වයස අනුව බැලූ කල කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වයස 41ත් 50ත් අතර පුද්ගලයෝ වෙති.එය 45.20%කි. වයස 61-70 අතර තහවුරු කරන ලද රෝගීන්ගේ ප්‍රතිශතය 9.5කි.

සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයන්ට රෝගය වැළදී නැත. 

සෞඛ්‍ය අමාත්‍යාංශය අද(20) සහ ඊයේ(19)දුන් දත්තවල වයස අවුරුදු 71ට වැඩි රෝගීන් නොමැති බව සඳහන් වුවත් 16 වැනිදා ගාල්ලෙන් සොයාගත් රෝගියාගේ වයස 73ක් බව එදින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සඳහන් විය.


සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළ වාර්තා අනුව 

11 – 20 yrs - 7.10%

21 – 30 yrs - 9.50%

31 – 40 yrs - 16.70%

41 – 50 yrs - 45.20%

51 – 60 yrs - 9.50%

61 – 70 yrs - 9.50%

71 – 80 yrs - 0.00%

81 – 90 yrs - 0.00%


රටවල් අනුව

වැඩි ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ ජාතිකයන් අතරින් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 94.3කි.

චීන,ඉන්දියානු සහ ප්‍රංශ ජාතිකයන් එක් පුද්ගලයකු බැගින් කොරෝනා ආසාදිත ලෙසට තහවුරු විය.ප්‍රතිශතයක් ලෙසට 1.9% බැගිනි.



ස්ත්‍රී-පුරුෂ අනුව

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පිරිමි රෝගීන්ය.එය ප්‍රතිශතයක් වශයෙන් 81%කි. ආසාදිත ස්ත්‍රී ප්‍රතිශතය 19%කි.



  1. මෙම දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද නිල තොරතුරු අනුව සකස් කරන ලදී
Share