චීනය අභිබවා ඉතාලියේ කොරෝනා මරණ ඉහලට

Staff Writer | Author . Translate to English or தமிழ் 19. 03. 2020 | 11.28pm
චීනය අභිබවා ඉතාලියේ කොරෝනා මරණ ඉහලට

ඉතාලිය ඉතා අවාසනාවන්ත සන්ධිස්ථානයක් පසුකර චීනය අභිබවා යමින් කොරෝනා වෛරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට බවට පත්විය.

ඉතාලිය අද(19) තවත් මරණ 427 ක් ප්‍රකාශයට පත් කළ අතර ඒඑෆ්පී ගණනය කිරීමකට අනුව මුළු  මරණ සංඛ්‍යාව 3,405 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වෛරසයේ කේන්ද්‍රස්ථානය වූ චීනයේ මරණ සංඛ්‍යාව 3,245 ක් පමණි.

COVID-19 වේගයෙන් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ලෝකය සිය යුද්ධය වේගවත් කර ඇති අතර රටවල් කිහිපයක්ම ලොක්ඩවුන් කර ඇත.මිලියන ගණනක් දෙනා තම නිවෙස්වල සිරවී සිටිති.

හුබෙයිහී දේශීය රෝගීන් කිසිවක් වාර්තා නොවීමෙන් චීනය නව බලාපොරොත්තු ඇති කරගත් බවක් පෙන්නුම් කළත් යුරෝපයේ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

AFP ඇසුරෙන්

Cover photo:AFP/Juan Barreto

Share