ස්පාඤ්ඤ අගනුවර 80%ක⁣ට කොරෝනා වැළඳෙන බවට ප්‍රකාශයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 19. 03. 2020 | 8.19pm
ස්පාඤ්ඤ අගනුවර 80%ක⁣ට කොරෝනා වැළඳෙන බවට ප්‍රකාශයක්

ස්පාඤ්ඤ අගනුවර සිටින පුද්ගලයින් 10 දෙනකුගෙන් අට දෙනෙකුට COVID-19 වැළඳෙනු ඇතැයි මැඩ්රිඩ් ප්‍රධානී ඉසබෙල් ඩියාස් අයුසෝ පවසයි.

“ඔවුන්ට මෘදු රෝග ලක්ෂණ ඇති වනු ඇත, නමුත් අවදානමට ලක්විය හැකි 15% ක පමණ ජනගහනයට එය ගැටලුවක් වනු ඇත.

"මෙම වෛරසය ස්පාඤ්ඤයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවතුන අතර එය ප්‍රායෝගිකව සෑම කෙනෙකුටම ව්‍යාප්ත වනු ඇත. බොහෝ අයට එය විශාල බලපෑමක් ඇති නොකරනු ඇත. 

"නමුත් ගැටලුව වන්නේ අවදානම් සහගත ජනගහනයයි" යනුවෙන් ස්පාඤ්ඤ  ගුවන් විදුලියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඩියාස් අසුයෝ පැවසීය.

වෙනත් රෝග සහිත වයස්ගත පුද්ගලයින් සඳහා මෙම රෝගය “මාරාන්තික” ලෙස හැඳින්වූ ඇය, පැය 24 ක් හෝ 48 ක් තුළ මෙම වෛරසයට අවදානම් සහගත කොට්ඨාසයේ සිටින පුද්ගලයෙකුගේ ජීවිතය අවසන් කළ හැකි බව ඇය පැවසුවාය.

රාජ්‍ය හා පෞද්ගලික අංශවල සෞඛ්‍ය සේවා ඒකාබද්ධ කිරීමට සහ “සාමාන්‍ය ඇඳන් දැඩි සත්කාර ඒකක ඇඳන් බවට පත් කිරීමට” උත්සාහ කරන බව වාර්තා වෙයි.

Share