පාර්ලිමේන්තු මැතිවරණය කල් දමයි

Staff Writer | Author . Translate to English or தமிழ் 19. 03. 2020 | 2.12pm
පාර්ලිමේන්තු මැතිවරණය කල් දමයි

පාර්ලිමේන්තු මැතිවරණය කල් දමන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දෙයි.

පාර්ලිමේන්තු මැතිවරණය කිසි ලෙසකත් අප්‍රේල් 25 පැවැත්විය නොහැකි බව ඒ මහතා පැවසීය.

පවත්නා තත්ත්වය යට⁣තේ මැතිවරණ කැලැන්ඩරය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බැවින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මේ තීරණය ගත් බව ඒ මහතා කීය. 

මේ හේතුවෙන් (19) සෞඛ්‍ය බලධාරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව සියයට සියයක් ආරක්ෂිත බව පැවසූවත් දැන් මැතිවරණය අප්‍රේල් 25 පැවැත්විය නොහැකි බව ඒ මහතා අවධාරණය කරයි.

ඡන්දය පැවැත්වෙන දිනය COVID-19 පාලනය මත තීරණය වනු ඇති බවත් ඡන්දය මැයිද, ජුනිද ඉන් ඔබ්බටද යන්න තවම කිව නොහැකි බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පරමාධිපත්‍යය ජනතාව සතු බවත් එය ක්‍රියාවට නංවන්න ජනතාවක් සිටිය යුතුයි බවත් ඉහළින්ම ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව බවත් ඒ මහතා අවධාරණය ක⁣රයි.

මෙම තීරණය අද(19) දහවල් නාමයෝජනා බාරගැනීමේ කාලය අවසන් වීමෙන් පසුව ප්‍රකාශ කෙරිණි.

Share