වෛරසයෙන් එක් දිනකදී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන්

Staff Writer | Author . Translate to English or தமிழ் 18. 03. 2020 | 11.35pm
වෛරසයෙන් එක් දිනකදී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන්

පසුගිය පැය 24 තුළ ඉතාලියේ කොරෝනා වෛරසයෙන් 475 දෙනෙක් මිය ගොස් තිබේ.

කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ ඕනෑම රටකින් එක් දිනයක් තුළ වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව  මෙය වේ.

මේ සමග ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව 2,978ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

එරට තුළ තහවුරු වූ රෝගීන් 35,713 ක් වාර්තා වී ඇති අතර 4,000 කට වැඩි ප්‍රමාණයක් සුවය ලබා ඇත.

වෛරසය ආරම්භ වීමෙන් පසු චීනයට පසු ලෝකයේ දරුණුතම බලපෑමට ලක්වූ රට ඉතාලියයි.  

2019 දෙසැම්බර් චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ මෙම කොරෝනා වෛරසය මේ වනවිට රටවල් 160කට පමණ ව්‍යාප්ත වී තිබේ. 

අද (18) රාත්‍රී 10 වනවිට නිකුත් කර තිබු සංඛ්‍යා දත්තවලට අනුව කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය ගණන 8,724ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන 211,853ක් ලෙස සටහන් වූ අතර සුව වූ පිරිස 83,188කි.

BBC ඇසු⁣රෙන්

Share