කොරෝනා රෝගීන්ගෙන් 95%ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් යන ප්‍රකාශය අසත්‍යයි.

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 18. 03. 2020 | 3.55pm
කොරෝනා රෝගීන්ගෙන් 95%ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් යන ප්‍රකාශය අසත්‍යයි.

ශ්‍රී ලංකාවෙන් තහවුරු වූ රෝගීන්ගෙන් සියයට 95ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් සොයාගෙන ඇති බව සමාජ ජාලා මාධ්‍යවල පැතිරෙන ප්‍රචාර අසත්‍ය බව medialk.com කළ සොයා බැලීමකදී අනාවරණය විය. 

ඉන් ඇතැම් ප්‍රචාර සිදුකර තිබුණේ ඊයේ (17) අප ෆේස්බුක් පිටුව හරහා සිදු කළ සංසන්දනාත්මක වාර්තාවකටය.


ඊයේ වන විට තහවුරු කෙරුණු රෝගීන් හමුවූ ස්ථාන පහත දැක්වෙයි.(චීන කාන්තාවගේ තොරතුරු සටහන් වී නැත.) දත්ත - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (Link-http://www.epid.gov.lk/web/index.php?lang=si)

  1. මත්තේගොඩ
  2. කොළඹ 08
  3. කොළඹ 08
  4. මහර 
  5. උඩුබද්දාව
  6. දුන්කන්නාව
  7. කොළඹ 08
  8. ගල්කිස්ස
  9. කොළඹ 08
  10. ගාල්ල
  11. අකුරගොඩ
  12. රාජගිරිය
  13. බෞද්ධාලෝක මාවත
  14. කොළඹ 06
  15. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  16. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  17. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  18. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  19. මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය
  20. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  21. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  22. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  23. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  24. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  25. ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය
  26. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  27. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  28. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  29. මාරවිල
  30. රත්නපුර
  31. මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය
  32. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  33. වවුනියා නිරෝධායන මධ්‍යස්ථානය
  34. උඩුගම්පොල
  35. කැලණිය
  36. වත්තල
  37. නෙළුම්දෙනිය
  38. කළුතර දකුණ
  39. කොළඹ 08
  40. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
  41. මඩකලපුව

සෞඛ්‍ය අමාත්‍යාංශය අද(18) උදෑසන 10.00ට නිකුත් කළ වාර්තා අනුව මෙරට තහවුරු කරන ලද රෝගීන් ගණන 41කි.(ඊයේ දිනයේ කොරෝනා රෝගීන් බවට තහවුරු මුළු රෝගීන් සංඛ්‍යාව 44ක් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැක්වූවද අද (18) උදැසන 10.00 වාර්තාවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැක්වූයේ මුළු සංඛ්‍යාව 42ක් බවයි.ඊයේ රාත්‍රි 7.15ට නිකුත් කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සංඛ්‍යා දෝෂයක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.ඒ අනුව මුළු ආසාදිත සංඛ්‍යාව 42කි.(චීන කාන්තාව ද සමග)ඉහත ලැයිස්තුව අනුව නිරෝධායන මධ්‍යස්ථානවල සිට මෙම රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇත්තේ 18 දෙනකු පමණි. ලංකාවේ වෙනත් ප්‍රදේශවලින් 23 දෙනකු සොයාගෙන තිබේ.ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.


මේ අනුව නිරෝධායන මධ්‍යස්ථානවල සිට රෝගය වැළදී ඇති ප්‍රතිශතය සියයට 44ක් වැනි ප්‍රතිශතයකි. වෙනත් ප්‍රදේශවලින් සොයාගත් රෝගීන්ගේ ප්‍රතිශතය 56%කට ආසන්න ප්‍රතිශතයකි. (18/41=43.902 | 23/41=56.097).

නමුත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසූවේ ආසාදිතයන්ගෙන් සියයට 95ක් වෙනත් රටවල සිට පැමිණි අය බවයි. මෙම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ දත්ත සහ වාර්තා ඇසුරෙන් සකස් කරන ලදී.(Link-http://www.epid.gov.lk/web/index.php?lang=si)

SCREENSHOTS 



Link-https://www.google.com/maps/d/viewer

Share