තවත් රටවල් 3කට සංචාරක තහනමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 17. 03. 2020 | 12.15pm
තවත් රටවල් 3කට සංචාරක තහනමක්

කටාර්, බහරේන් සහ කැනඩාව යන රටවල මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර තිබේ.

චක්‍රලේඛයක් නිකුත් කරමින් අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවේ අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දින 14ක් දක්වා මෙම සංචාරක තහනම ක්‍රියාත්මක වන බවයි.

පසුගිය දින 14 තුළ කටාර්, කැනඩාව හෝ බහරේනය වෙත සංචාරක ඉතිහාසයක් ඇති ජාතිකයින්ටද මෙම තහනම බලපැවැත්වෙන බව දැක්වෙයි.

කෙසේ වෙතත් කටාර්, කැනඩාව හෝ බහරේන් යන රටවල් හරහා ගුවන් ගමන් හුවමාරු (Transit) වන මගීන්ට මෙම තහනම අදාළ නොවන බව ඔහු සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 

Share