සුඩානය දේශසීමා වහයි

Staff Writer | Author . Translate to English or தமிழ் 17. 03. 2020 | 2.33am
සුඩානය දේශසීමා වහයි

සුඩානය සිය දේශසීමා වසා දමා ඇති අතර, සියලු වරායන්, ගොඩබිම් හරස් මාර්ග සහ ගුවන් තොටුපලවල් මුද්‍රා තබා ඇති බව සුඩානයේ සංක්‍රාන්ති ස්වෛරී කවුන්සිලයේ ප්‍රකාශක මොහොමඩ් අල්-ෆාකි සුලෙයිමාන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම තවදුරටත් වැළැක්වීම සඳහා කවුන්සිලය විධායක කමිටුවක් පිහිටුවා වෛද්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

 "කමිටුවේ පළමු වගකීම වනුයේ ආධාර, තාක්‍ෂණික,මානුෂීය සහය සහ නියමිත ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සහ ගුවන් ගමන් හැරුණු විට සියලුම වරාය, ගුවන්තොටුපල සහ ගොඩබිම් හරස් මාර්ග වසා දැමීමයි." සුලෙයිමාන් පැවසීය.

CNN ඇසුරෙනි

Share