'දේශසීමා රහිත සංචාරක නිජබිම' දේශසීමා වසා දමයි

Staff Writer | Author . Translate to English or தமிழ் 17. 03. 2020 | 12.42am
'දේශසීමා රහිත සංචාරක නිජබිම' දේශසීමා වසා දමයි

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට යුරෝපා සංගමය උත්සාහ කරන බැවින් අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාර සඳහා එහි දේශසීමා වසා දමනු ඇති බව සීඑන්එන් පවසයි.

තාවකාලික සීමාවන්" මුල් දින 30 ක් සඳහා" ක්‍රියාත්මක වන අතර එය දීර්ග කළ හැකි බව යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන්  නිවේදනය කළේය.

යුරෝපීය ජාතිකයින්ගේ පවුලේ සාමාජිකයින්, වෛද්‍යවරුන් සහ හෙදියන් වැනි අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය,යුරෝපා සංගමයට භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයින්ට මෙම නීතිය බලනොපාන බව පැවසේ.

ජී 7 නායකයින් අතර වීඩියෝ සම්මන්ත්‍රණයකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී වොන් ඩර් ලේන් පැවසුවේ “සංචාරය අඩු වන තරමට අපට වෛරසය පාලනය කළ හැකි” බවයි.

CNN ඇසුරිනි 

Share