ඉදිරි දින කිහිපයේත් නිවාඩු දෙන්නැයි සංගම් 13ක් ඉල්ලයි

Staff Writer | Author . Translate to English or தமிழ் 16. 03. 2020 | 6.23pm
ඉදිරි දින කිහිපයේත් නිවාඩු දෙන්නැයි සංගම් 13ක් ඉල්ලයි

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම මත ඉදිරි දින කිහිපයද රජයේ නිවාඩු දින කළ යුතු බව සංගම් 13ක් ඉල්ලා සිටියි. 

පවතින තත්ත්වය බරපතල තත්ත්වයක් සේ සලකා කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට සහ ස්වයං නිරෝධායනයට අවස්ථාවක් සැලසීම සඳහා ඉදිරි දින කිහිපය ද රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස සංගම් 13ක එකතුවෙන් කළ ඉල්ලීමේ සඳහන් වෙයි.

එම නිවෙිදනය පහත දැක්වෙයි.

"රජයේ නිවාඩු දිනයක් ලෙස සඳුදා (16) දිනය ප්‍රකාශයට පත් කළ ද එය දීර්ඝ නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.  

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවෙන් තහවුරු කරගෙන ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙන අතර කොරෝනා යැයි සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 212 කි. 

මෙය බරපතල තත්ත්වයක් සේ සලකා COVID-19 පැතිරීම වැලැක්වීමට සහ ස්වයං නිරෝධායනයට අවස්ථාවක් සැලසීමක් ලෙස ඉදිරි දින කිහිපය ද රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි,

උදේනි දිසානායක - සභාපති සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය 

ජෝසප් ස්ටාලින් - ලේකම්  ලංකා ගුරු සංගමය 

චින්තක බණ්ඩාර - සභාපති ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය 

එස්.එස්. අත්තනායක - ලේකම්  රජයේ කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය 

ඩබ්.අයි. ද සිල්වා - ලේකම් වාරිමාර්ග පොදු සේවක සංගමය

ඩී.එම්.ඩී. අබේරත්න - සභාපති ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය 

විජිත පේමරත්න -ලේකම් පළාත්  කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය 

ගාමිණී හෙට්ටිආරච්චි - සභාපති  ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය 

රාජා කන්නංගර - සභාපති දුම්රිය ඒකාබද්ධ පෙරමුණ 

ලලිත් ඉන්දික - ලේකම්  රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනය 

උපුල් කුමාර - භාණ්ඩාගාරික  ජාතික දුම්රිය සේවා සමිතිය

ජේ.ඩී. ගුරුසිංහ - සම ලේකම්  තොරතුරු හා විදුලි සංදේශ 

සියලු සේවක සංගමය සරත් රෝහන - සභාපති  රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය

Share