මේ වන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය

Staff Writer | Author . Translate to English or தமிழ் 16. 03. 2020 | 1.59pm
මේ වන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය

අද (16) මේ දක්වා ශ්‍රී ලංකාවෙන් තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 19කි.

ඉන් එක් රෝගියකු වූ චීන කාන්තාව මේ වන විට සුවය ලබා පිටව ගොස් තිබේ.තවත් කොරෝනා රෝගීහු 18 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබති.

කොරෝනා බවට සැකපිට 212කු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

ඉන් 84 දෙනකු ජාතික බෝවන රෝග විද්‍යාතන රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු රෝගීහු දිවයින පුරා රෝහල් 16ක ප්‍රතිකාර ලබති.

මෙම රෝගීන්ගෙන් 08 දෙනකු විදේශිකයන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

එම විදේශිකයන් අතරින් පස් දෙනකු කොළඹ අයිඩීඑච් රෝහලේද එක් අයෙක් කොළඹ ජාතික රෝහලේද තවත් දෙදෙනකු නුවර ජාතික රෝහලේද ප්‍රතිකාර ලබන බව එහි දැක්වෙයි.  


Share