වරාය සහ ගුවන්තොටුපළ වසා දමන්නැයි ඉල්ලයි

Staff Writer | Author . Translate to English or தமிழ் 16. 03. 2020 | 1.10pm
වරාය සහ ගුවන්තොටුපළ වසා දමන්නැයි ඉල්ලයි

කොරෝනා වෛරසයේ තත්ත්වය සතියකින් සමාලෝචනය කරන තෙක් ජනතාව සංචාරය කිරීම අවම කිරීම සඳහා දැනට ලබා දී ඇති නිවාඩුව සතියකට දීර්ඝ කරන ලෙස රජයෙන් සහ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට වරාය පිවිසුම් සහ ගුවන්තොටුපළ සති දෙකක් වසා දමන ලෙසටත් එම සංගමය ඉල්ලා සිටී.

එම සංගමයේ නිල ෆේස්බුක් පිටුව හරහා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

නිවාඩුව සතියක් දක්වා දීර්ඝ කර අනවශ්‍ය ගමන් බිමන් සහ මහජන හමුවීම් නවත්වන ලෙසද එම සංගමය ඉල්ලා සිටී.

පෞද්ගලික සහ රජයේ රෝහල්වල සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ආරක්ෂක ආම්පන්න ලබා දෙන ලෙසත් අනවශ්‍ය සියලුම සෞඛ්‍ය සේවා කල් දමන ලෙසත් එම සංගම ඉල්ලයි.





Share