කොරෝනා ⁣ආසාදිතයින් සංඛ්‍යාව 19 දක්වා ඉහලට

Staff Writer | Author . Translate to English or தமிழ் 15. 03. 2020 | 9.00pm
කොරෝනා ⁣ආසාදිතයින් සංඛ්‍යාව 19 දක්වා ඉහලට

තවත් කොරෝනා ආසාදිතයින් 07 ක් අද(15) තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

මේ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබේ.(චීන කාන්තාවත් ඇතුළුව)

ඔවුන් 07 දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලු දෙනාම පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබති.

12 වැනි රෝගියා ලෙස ජර්මනියේ සිට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් හඳුනාගත්⁣තේය.  

Share