නාම යෝජනා භාර ගැනීම හෙට සිදු නොකරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 15. 03. 2020 | 4.34pm
නාම යෝජනා භාර ගැනීම හෙට සිදු නොකරයි

තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම මාර්තු 17 මධ්‍යම රාත්‍රිය තෙක් කල් දමන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මහමැතිවරණයට අදාළ ඇප මුදල් භාර ගැනීම සහ නාම යෝජනා භාර ගැනීම හෙට (16) දිනයේ සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් රජය විසින් හෙට (16) දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීම මෙයට හේතු වී තිබේ.

Share