නිරෝධායන මධ්‍යස්ථාන 10ක් රටපුරා

Staff Writer | Author . Translate to English or தமிழ் 15. 03. 2020 | 4.05pm
නිරෝධායන මධ්‍යස්ථාන 10ක් රටපුරා

නිරෝධායන මධ්‍යස්ථාන 10ක් මේ වන විට රටපුරා ස්ථාපනය කර ඇති බවත් 1719 දෙනකු මේ වන විට නි⁣රෝධායනයට ලක් කර ඇති බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් පස් දෙනකු කොරෝනා නොවන වෙනත් රෝග හේතුවෙන් රෝහල්ගත කළ බවත් තවත් 14 දෙනකු වෛද්‍ය නිර්දේශ අනුව රෝහල්ගත කළ බවත් යුද හමුදාපතිවරයා කීය.

1701 දෙනකු තවමත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින බව ඒ මහතා පැවසීය.

යුද හමුදාපතිවරයා මේ බව පැවසූවේ අද (15) 'කොරෝනා පිළිබඳ ඇත්ත නැත්ත' නමින් සියලු විද්‍යුත් මාධ්‍ය ඒකාබද්ධව විකාශය කළ සජීවී රූපවාහිනී වැඩසටහනට එක්වෙමිනි.

Share