ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා නැති බව තහවුරු වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 03. 2020 | 10.55pm
ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා නැති බව තහවුරු වෙයි

Update:ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා නැති බව තහවුරු වෙයි

 ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ⁣කොරෝනා වෛරසය නැති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ධවල මන්දිර වෛද්‍යවරයා පවසා තිබේ.

"පරීක්ෂණය ඍණාත්මක බව අද මට තහවුරු වුණා," ෂෝන් කොන්ලි සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය

ට්‍රම්ප් මහතා සිය ෆ්ලොරිඩා නිවාඩු නිකේතනයේදී බ්‍රසීල නියෝජිත කණ්ඩායමක් සමඟ රැස්වීමක් පැවැත්වීමෙන් දින කිහිපයකට පසු පරීක්ෂණයකට භාජනය විය.

ඒ බ්‍රසීල ජනාධිපතිගේ සහායකයකු වන ෆේබියෝ වජ්ගාර්ටන් මෙම රෝගය ඇති බව පසුව තහවුරු වීමෙව් අනතුරුවය.

 “බ්‍රසීලියානු නියෝජිත කණ්ඩායම සමඟ මාර්-ඒ-ලාගෝහි රාත්‍රී භෝජන සංග්‍රහයෙන් සතියකට පසුවත්, ජනාධිපතිවරයා රෝග ලක්ෂණ රහිතව සිටියි,” කොන්ලි මහතා පැවසීය..

Source:BBC

ඇමෙරිකානු ජනාධිපතිවරයාටත් කොරෝනා පරීක්ෂණයක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා කොරෝනා වෛරස් පරීක්ෂණයක් කළ බව ප්‍රකාශ කළේය.

සිකුරාදා රාත්‍රියේ තමා පරීක්‍ෂාවට ලක් කළ බවත්, සෙනසුරාදා ඔහුගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ බවත් ඔහු පැවසීය.උෂ්ණත්වය සාමාන්‍ය බව ද ට්‍රම්ප් පැවසීය.

ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නේ කවදාදැයි විමසූ විට ඔහු කියා සිටියේ පරීක්ෂණය විද්‍යාගාරයකට යවා දිනක් හෝ දෙකක් ගත විය හැකි බවයි.

අද රැස්වීමට පෙර ධවල මන්දිර වෛද්‍යවරයා කාර්ය සාධක බලකායේ සාමාජිකයින්ගේ උෂ්ණත්වය ද පරීක්ෂා කළ බව නිලධාරියෙක් පැවසීය.

ඇමෙරිකාව එක්සත් රාජධානිය සහ අයර්ලන්තය සඳහාත් සංචාරක තහනමක් පනවන බව ට්‍රම්ප් පරිපාලනය සෙනසුරාදා නිවේදනය කළේය.

කාර්ය සාධක බලකාය සමඟ පැවති සාකච්ඡාවේදී උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශ කළේ එක්සත් රාජධානිය සහ අයර්ලන්තය සඳහා පනවන සංචාරක තහනම සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බවයි.

දැනටමත් අනෙකුත් යුරෝපීය රටවලට පනවා ඇති සංචාරක සීමාකිරීම් එක්සත් රාජධානියට සහ අයර්ලන්තයට ද මේ අනුව අදාළ වේ.

ඇමෙරිකාව මීට පෙර යුරෝපා රටවල් 26කට සංචාරක තහනමක් පැනවීය.

එම රටවල් නම් ඔස්ට්‍රියාව, බෙල්ජියම, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයිස්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටාව, නෙදර්ලන්තය, නෝර්වේ, පෝලන්තය, පෘතුගාලය, ස්ලොවැකියාව, ස්ලොවේනියාව, ස්පාඤ්ඤය , ස්වීඩනය සහ ස්විට්සර්ලන්තයි

CNN ඇසුරෙනි

Cover Photo : Jim Watson (AFP/Getty Images)

Share