කොරෝනා ආසාදිතයන් ගණන 11 දක්වා ඉහළට

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 03. 2020 | 7.28pm
කොරෝනා ආසාදිතයන් ගණන 11 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත තවත් රෝගීන් දෙදෙනකු තහවුරු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

56 හැවිරිදි කාන්තාවකට සහ 17 හැවිරිදි ගැහැණු දරුවකුට මෙලෙස අසාදනය වී තිබේ.

56 හැවිරිදි කාන්තාව ඉතාලියේ සිට මෙරටට මාර්තු 07 වැනිදා පැමිණි කාන්තාවකි.දැනට අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.

17 හැවිරිදි ගැහැණු දරුවා කලින් තහවුරු කෙරුණු රෝගියකුගේ ඥාතියෙකු බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව මේ වන විට මුළු ආසාදිත රෝගීන් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගීන් 10 දෙනකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මීට පෙර ආසාදනය වූ චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබා පිටව ගියාය.

Share