'මැතිවරණ රැස්වීම්වලට අවසර නෑ'

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 03. 2020 | 4.52pm
'මැතිවරණ රැස්වීම්වලට අවසර නෑ'

ජනතාව දහස් ගණනින් එක් රැස් කර ශබ්ද විකාශන බලපත්‍ර ලබාගෙන ජනතාව ආමන්ත්‍රණය කරන විශාල මැතිවරණ රැස්වීම් සිදුකිරීමට හැකියාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි.

මේ සඳහා පොලිසිය අවසර ලබා නොදෙන බව ද අමාත්‍යවරිය පවසයි.

නමුත් අනෙකුත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට කිසිදු බාධාවක් නැතැයි ඇය අවධාරණය කරයි.

පවතින තත්ත්වය ගැන පැහැදිලි කිරීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීය.

Share