නවසීලන්තයට ඇතුළුවන අයට දින 14ක ස්වයං නිරෝධායනයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 03. 2020 | 1.22pm
නවසීලන්තයට ඇතුළුවන අයට දින 14ක ස්වයං නිරෝධායනයක්

හෙට(15) මධ්‍යම රාත්‍රියේ සිට නවසීලන්තයට ඇතුළු වන සෑම කෙනෙක්ම දින 14කට ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් මහත්මිය දැනුම් දෙයි.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම තීරණය ගන්නා බවද ඇය කීවාය.

මෙම තීරණය⁣ රටට ඇතුළු වන නවසීලන්ත වැසියන්ටද බලපාන බව ඇය පැවසූවාය.

මෙය වෛරස් රෝගීන් නොමැති කුඩා පැසිෆික් දූපත් සඳහා පමණක් බල නොපාන බව ඇය තවදුරටත් කීය.

 "මම සමාව ඉල්ලන්නේ නැහැ. මෙය පෙර නොවූ විරූ කාලයක්" යැයි නව නීති රීති ලොව පුරා දැඩි කර ඇති බව විස්තර කරමින් ආර්ඩන් මහත්මිය පැවසුවාය.

නවසීලන්තයෙන් තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හයකි.

නව සීමාවන් දින 16 කින් බලධාරීන් විසින් සමාලෝචනය කරනු ඇති බවද ඇය සඳහන් කළාය.

ජුනි 30 වනදා දක්වා නවසීලන්තයේ වරායවල නැව්ගත කිරීමට කිසිදු මගී නෞකාවකට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

නමුත් අත්‍යවශ්‍ය ගුවන් හා නැව් බෙදා හැරීම් සාමාන්‍ය පරිදි සිදුවන බව ආර්ඩර්න් මහත්මිය කීවාය.

නවසීලන්ත වැසියන්ට "ඔවුන්ගේ සුපිරි වෙළඳසැල්වලට දුවන්නට" අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කරමින් ඇය කියා සිටියේ මෙම සීමාවන් පනවා ඇත්තේ "නිෂ්පාදන වලට නොව මිනිසුන් සඳහා පමණක්" බවයි.

"ඔබට විදෙස් ගත වීමට අවශ්‍ය නැතිනම් එසේ නොකරන්න. ඔබේ මිදුලේ සිරිය විඳින්න."ඇය පැවසීය.

Share