කොරෝනා වෛරසයට එරෙහිව නව අරමුදලක්

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 03. 2020 | 12.53pm
කොරෝනා වෛරසයට එරෙහිව නව අරමුදලක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ හවුල්කරුවන්ට COVID-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාර කිරීමට පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් රැස් කිරීම සඳහා නව කොරෝනා වෛරස් (COVID-19) සහයෝගිතා ප්‍රතිචාර අරමුදල නම් අරමුදලක් ආරම්භ කර තිබේ.(coronavirus disease (COVID-19) Solidarity Response Fund )

එක්සත් ජාතීන්ගේ පදනම (United Nations Foundation)සහ ස්විට්සර්ලන්ත පරිත්‍යාග පදනම (Swiss Philanthropy Foundation) එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමග මෙම අරමුදල නිර්මාණය කර ඇති අතර මේ හරහා පුද්ගලිකව හෝ සමාගම් සහ ආයතනවලට කොරෝනා වෛරසයට එරෙහි මෙම සටන සඳහා සෘජුවම දායක වීමට ඉඩ සලසයි.

 “COVID-19 සඳහා වන ගෝලීය සටනේ තීරණාත්මක අවස්ථාවක අපි සිටින්නේ - ලෝකය සුරක්ෂිතව තබා ගැනීම සඳහා මෙම දැවැන්ත උත්සාහයට අප සියලු දෙනා සම්බන්ධ විය යුතුයි” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසීය. 

 “මෙම අරමුදල පිහිටුවීමට අපට උදව් කිරීමට ඉදිරිපත් වීම ගැන එක්සත් ජාතීන්ගේ පදනමට සහ ස්විට්සර්ලන්ත පරිත්‍යාග පදනමට අපි ඉමහත් ලෙස කෘතඥ වෙනවා.  කොරෝනා වයිරසයට එරෙහි සටනට දායක වීමට අවශ්‍ය බව බොහෝ අය සහ ආයතන පැවසුවා.  දැන් ඔවුන්ට දායක වීමට පුළුවන්. ”

මේ සඳහා දැනටම විශාල සමාගම් සූදානම් වී ඇති අතර ඔවුන්ගේ ජාලයන් හරහා අරමුදල් රැස්කර ගැනීමට යෝජනා ක්‍රමයක් සූදානම් කර ඇත. ෆේස්බුක් සහ ගූගල් සමාගම්වල සහයෝගය සහිතව මෙම අරමුදල දියත් වනු ඇති අතර www.COVID19ResponseFund.org හරහා පුද්ගලිකව ආධාර සැපයීමට ද හැකිය.

එක්සත් ජාතීන්ගේ පදනමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී එලිසබෙත් කොසෙන්ස් පැවසුවේ “මෙය සැබවින්ම ගෝලීය ගැටලුවක් බව අපට නොසලකා හැරිය නොහැකිය - මෙයට ඇත්ත වශයෙන්ම ගෝලීය විසඳුම් අවශ්‍යයි.සෑම ප්‍රදේශයකම සිටින ප්‍රජාවන් පීඩාවට පත්වෙලා. මේකට මිනිසුන්ට දායක වෙන්න උවමනාව තියෙනවා.  මෙම නව අරමුදල හරහා සෑම තැනකම සිටින පුද්ගලයින්ට වෛරසයට එරෙහිව සටන් කිරීමට අවකාශය නිර්මාණය වෙනවා ”

COVID-19 ක්‍රමෝපායික සූදානම සහ ප්‍රතිචාර සැලැස්මේ දක්වා ඇති ක්‍රියාමාර්ග සඳහා සියලු රටවල්වලට අරමුදල් යොමුවනු ඇත.  විශේෂයෙන් අවදානමට ලක්විය හැකි සහ දුර්වල සෞඛ්‍ය පද්ධති සහිත - වේගයෙන් වෛරසය පැතිරෙන රටවල්වල් සඳහා COVID-19 අර්බුදයට සූදානම් වීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට අරමුදල් සැපයෙනු ඇත.

ආසාදන හඳුනා ගැනීම, වෛරසය සම්ප්‍රේෂණය වීම නැවැත්වීම සහ බලපෑමට ලක්වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම අරමුදල් වෙන් කිරීමට නියමිතය.

Share