සෞදි අරාබිය සියලු ගුවන් ගමන් අත්හිටුවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 03. 2020 | 10.34am
සෞදි අරාබිය සියලු ගුවන් ගමන් අත්හිටුවයි

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞදි අරාබිය ඉරිදා (15) සිට සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් සති දෙකක් සඳහා අත්හිටුවනු ඇති බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (SPA) අද වාර්තා කළේය.

ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් ආපසු පැමිණීමට නොහැකි වූ පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට මෙම කාලය සුවිශේෂී නිල නිවාඩු කාලයක් ලෙස සලකනු ලැබේ.

සෞදි අරාබියේ කොරෝනා වයිරස් රෝගීන් 86 ක් වාර්තා වී තිබේ.

Source:Reuters

Share