'ආනන්ද විදුහලේ සිසුවාට කොරෝනා නැහැ'

Staff Writer | Author . Translate to English or தமிழ் 12. 03. 2020 | 11.46am
'ආනන්ද විදුහලේ සිසුවාට කොරෝනා නැහැ'

කොරෝනා ආසාදිත සංචාරක මග පෙන්වන්නකු ලෙස සේවය කළ පුද්ගලයාගේ පුත්‍රයාට කොරෝනා වැළඳී ඇති බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය බව ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ හෙතුවෙන් එම සිසුවා ඉගෙනුම ලබන කොළඹ ආනන්ද විද්‍යාලයේ අද(12) පැමිණිම 60%කින් අඩු වී ඇතැයි  අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

"ඔබ දැක්කා අද සමාජ මාධ්‍යවල පලවුණා ආනන්ද විද්‍යාලයේ සිසුවෙකුටත් කොරෝනා කියලා ඇතැම් වාර්තා"අමාත්‍යවරයා කීය.

"එය මුළුමනින්ම සත්‍ය ඝාතනය කිරීමක්"යැයි තමන් ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව ද ඒ මහතා අවධාරණය කළේය.

"කිසිසේත්ම එහෙම වෙලා නෑ මම ඉතා වගකීමෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විදියටත්,තාත්තා කෙනෙක් විදියටත්,ආදී ආනන්දිිිිිිිිිියෙක් විදියටත් මං කියන්නේ.මුළුමනින්ම අසත්‍යයක්"අමාත්‍යවරයා කීය.

මේ හේතුවෙන් ආනන්ද විද්‍යාලයේ දරුවන්ට සහ දෙමව්පියන්ට බිය නොවන්නැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කීය.

එම දරුවාට කොරෝනා වෛරසයට අදාළ කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බව ද ජාසිංහ මහතා කීවේය.

එම පුද්ගලයාගේ පවුලේ සියලු දෙනා ඔවුන්ගේ නිවසේම නිරෝධායනය කර ඇති බව ජාසිංහ මහතා කීවේය.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර යන කට කතාවලට නොරැවටෙන්නැයි ද නිල තොරතුරු පමණක් විශ්වාස කරන්නැයි ද ජාසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එම පුද්ගලයාගේ දරුවන් දෙදෙනාම ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය බවත් ඉන් එක් දරුවෙක් පමණක් ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන බව එම විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසීය.

පැතිරෙන කටකතා සහ රටේ පවතින තත්වය විකෘති කර සමාජ ගත කරන උත්සහය ගැන රජය දැඩි සැලකිල්ලක් දක්වන බවත් මෙවැනි කටකතා දිගින් දිගටම විශාල ලෙස පැතිරෙනවානම් අදාළ නීති සම්බන්ධයෙන් සලකා බැලීමට සිදුවන බවත් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මීට අමතරව කොරෝනා වෛරස සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය පැවසීය. 

සමාජ මාධ්‍ය වල පැතිර යන අසත්‍ය ප්‍රචාර කිහිපයක්


https://twitter.com/Cokroach/status/124

https://www.facebook.com/2398740553

Share