ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Staff Writer | Author . Translate to English or தமிழ் 11. 03. 2020 | 2.00pm
ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරයි.

කොරෝනා වෛරසයෙන් මේ වන විට 4300 දෙනෙක මිය ගොස් ඇති අතර ආසාදිතයන්ගේ සංඛ්‍යාව 119,711 ක් ලෙස ඉහළ ගොස් ඇත.

වසංගත තත්ත්වයක් ලෙස රෝගයක් නම් කෙරෙන්නේ එය විශාල භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදී එනම් මහාද්වීප කිහිපයක් පුරා ව්‍යාප්ත වන පසුබිමකදීය.

කොරෝනා වෛරසය අධි අවදානම් තත්ත්වයකින් ලොව පුරා ව්‍යාප්ත වීම සහ එය මර්දනයට ලොව රටවල් ගනු ලබන පියවර අවමවීමත් නිසා මෙලෙස වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඩෙට්රෝස් ඇඩනොන් මහතා පැවසීය.

ඉකුත් සති දෙකක කාලය තුළ චීනයෙන් පිටත වෛරසයේ ව්‍යාපෘතිය 13 න් ගුණයකින් ව්‍යාප්ත වී ඇතැයි එම සංවිධානය පෙන්වා දෙයි.

ලෝකයේ රටවල් රැසක එකවර වෛසරය ඉතා ඉක්මණින් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඉරානයේ හා ඉතාලියේ වෛරසය සීග්‍රයෙන් පැතිර ගිය ආකාරයටම ඉදිරියේදී තවත් රටවල පැතිර යනු ඇතැයි එම සංවිධානය අනතුරු අඟවයි.

Share