බැඳුම්කර සිද්ධි⁣යේ සැකකරුවන්ට රටයාම තහනම්

Staff Writer | Author . Translate to English or தமிழ் 04. 03. 2020 | 5.30pm
බැඳුම්කර සිද්ධි⁣යේ සැකකරුවන්ට රටයාම තහනම්

හිටපු අමාත්‍ය රවී කරුණායක ඇතුළු බැඳුම්කර සිද්ධියේ සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ ය.

වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ තීරණය ලබන 06 වැනිදා ලබා දෙන බව ද එහිදී ප්‍රකාශ කෙරිණි.

මෙහිදී වරෙන්තු නිකුත් කිරීමට පෙර රවි කරුණානායක මහතා වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන ලෙසට රවී කරුණානායක මහතාගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ ය.

බැඳුම්කර සිද්ධි⁣යේ සැකකරුවන්

    1. 1 පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්
    1. 2 සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක
    1. 3.ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්
    1. 4.අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්
    1. 5.පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි
    1. 6.ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්
    1. 7.චිත්ත රංජන් හුළුගල්ල
    1. 8.මුත්තුරාජා සුරේන්ද්‍රන්
    1. 9.අජාන් ගාර්දියෙ පුංචිහේවා
    1. 10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර
    1. 11.සංගරපිල්ලේ පදුමනාපන්
    1. 12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර

අධිකරණ ක්‍රියාවලිය පටන් ගැනීමට පෙර අදාළ සැකකරුවන් විදේශ ගත වනු ඇතැයි සැකයක් ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී පැවසීය.

හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන ඇතුළු 12 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නැයි නීතිපතිවරයා ඊයේ (3) පොලිසියට උපදෙස් ලබා දුන්නේය.

2015.02.01 සිට 2016.03.31 දක්වා කාලය තුළ පැවැත්වුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් සම්බන්ධයෙන් මෙම නියෝගය සිදු කෙරිණි.

Share